කිරිපිටි කිලෝවක් රුපියල් දෙසීය පනහකින් ඉහළ දමන ලෙසට කිරිපිටි සමාගම් රජයෙන් ඉල්ලා ඇති අතර කිසි ලෙසකින්වත් ඒ සා විශාල මුදලකින් මිල වැඩි නොකරන බව අභ්‍යන්තර වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් "දිවයින"ට පැවැසීය.
මේ වන විට රට පුරාම කිරිපිටි හිඟයක් මතුව ඇති අතර ඇතැම් ප්‍රදේශවල කිරිපිටි නැතැයි වාර්තා වී ඇත.
ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල යම් පමණකින් වෙනස් වී තිබුණද කිරිපිටි සමාගම් ඉල්ලන පරිදි මිල ඉහළ දැමීමට කිසිදු හැකියාවක් නැතැයිද එම ප්‍රකාශකයා කියා සිටියේය.
මේ වන විට සැඟවූ කිරිපිටි තොග වැටලීම් දිගටම සිදුවන බවත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් නොවන පරිදි මිල වැඩි කිරීමට අමාත්‍යාංශය කැමැත්ත පළකර ඇති බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කියා සිටියේය.