වේයන්ගොඩ, වදුරව දුම්රිය ස්ථානය අසලදී මාතර සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ එන්ජිමේ ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 3ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම දුම්රියේ ගමන් කළ මගීන් කලබල වී දුම්රිය දෙපසින් පිටතට පැන ඇත. එම අවස්ථාවේ කිළිනොච්චියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී පුද්ගලයින් දෙදෙනකු හා කාන්තාවක් බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර ලබමින් සිටියදී පිරිමි පුද්ගලයින් දෙදෙනා සහ කාන්තාව මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ වෛද්‍යරත්න මුදියන්සේලාගේ මොහොමඞ් තවුපික් නමැති 54, හැවිරිදි සැමියා සහ හයිරුන් නීෂා නමැති 47 හැවිරිදි වරකාපොළ පදිංචි අඹුසැමි යුවළකි. එමෙන්ම ඒකානායක මුදියන්සේලාගේ බුද්ධික නිරෝෂන් නමැති අවුරුදු 28, වයසැති ගොඩහේන, දොලපීල්ල, මහනුවර පදිංචි තරුණයකු ද අනතුරින් මියගොස් තිබේ.
මෘත ශරීරයන් වතුපිටිවල රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. පශ්චාත් මරණ පරීක්‍ෂණ අද දින සිදු කිරීමට නියමිතයි. වේයන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙන යනු ලබයි.