ලබන වසර සඳහා වූ අය වැයෙන් සහන ලබා නොදීමට එරෙහිව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විසින් විරොධතාවක් අද දිනයේ පිටකොටුව දුම්රියපල ඉදිරිපිටදී පැවැත්වින.
එහිදී අදහස් දැක්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ඉදිරියේදී දැවැන්ත ගොවි අරගලයකට අවතීර්ණ වීමට කටයුතු කරන බවයි.
මේ සඳහා අමුඩ ඇඳගත් ගොවීන් පිරිසක් සහභාගී වූ අතර විරෝධතාවය සම්බන්ධයෙන් මුලදීම හෙළි කල හිටපු මන්ත්රී ලාල් කාන්ත මහතා අමුඩකරුවන් අතරේ හිටියේ නැත. ලාල් කාන්ත මහතා මුලින් කීවේ අමුඩ ඇඳගත් ගොවීන් දස දහසකින් කොලඹ හොල්ලන බවයි.