-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


'නැගෙන හිරු' පෙන්වා තිස්‌සමහරාමයේ ජනතාව ගසා කෑ හැටි 

සිංහලයේ අග්‍රගන්‍ය පඬිවරයකු වූ කලා භූෂණ අරිසෙන් අහුබුදු මහතා මෙයට වසර 8 කට පමණ පෙර, මෙරට වෙළෙඳ සමාගමක්‌ විසින් මෙරටදී එකලස්‌ කරන ලද පරිගණකයක්‌ හඳුන්වා දීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති රාත්‍රි උත්සවයකට සහභාගි විය. අහුබුදු පඬිවරයා ලෙහෙසියෙන් මෙවැනි තරු පහේ උත්සවවලට සහභාගි වන කෙනකු නොවේ. එතුමාගේ හිතවතකු වූ මේ ලියුම්කරුද ඒ උත්සවයට සහභාගි විය.

"ඔබතුමා මොකද මෙතැන? මම එතුමාගෙන් ඇසුවෙමි"

"මේ කොම්පියුටරයට නම තිබ්බේ මම"

"මොකක්‌ද නම..?"

"පැනෝරා"

"පැනෝරා කියන්නේ ග්‍රීක නමක්‌ නොවෙයිද?"

ග්‍රීක සහ ලතින් භාෂාවල තිබෙන මෙවැනි නම් අසා පුරුදු මේ ලියුම්කරු එතුමා පිළිවිසියේය.

"මොන පිස්‌සුද?" එතුමා මට පහදා දුන්නේය. "පැනෝරා, කියන්නේ හොඳ සිංහල නමක්‌" ඒකේ තේරුම නැගී එන සූර්යයා කියන එකයි..."

අප නොදන්නා දේ මොනතරම් තිබේද? පැනෝරා පරිගණකය අදත් වෙළෙඳපොළෙහි තිබෙනවා විය යුතුය. එහෙත් කාලයත් සමග ඒ නම අමතක විය.

පැනෝරා කතන්දරය මේ ලියුම්කරුගේ මතකයට යළි නංවන ලද්දේ මේ මාසය මුලදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පළකරන ලද පුවත්පත් දැන්වීමක්‌ නිසාය. එය අනියම් ආකාරයෙන් ජනතාවට අනතුරු අඟවන ලද දැන්වීමකි. "මහජනතාව වෙත දැනුම් දීමයි" යනුවෙන් රතු අකුරින් මුද්‍රිත ශීර්ෂ පාඨයක්‌ සහිත එම දැන්වීමෙහි සඳහන් වූයේ වෙබ් අඩවිවල ප්‍රචාරය වන දැන්වීම් නරඹා, මුදල් සෙවීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දී ඇති ආයතන කිහිපයක්‌ ඉතා විශාල ප්‍රතිලාභ ලබන බවත් එම කටයුත්තෙහි නීත්‍යානුකූලභාවය සහ විධිමත් භාවය මහජනතාව ප්‍රශ්න කරන බවත්ය. එසේ කටයුතු කරන සමාගම් ගැන සොයා බැලීමේ වැඩපිළිවෙළෙහි කොටසක්‌ ලෙස අම්බලන්තොට, වලව, තිස්‌ස පාරේ නිව් තුෂාර මෝටර්ස්‌ හි පිහිටි පැනෝරා ඇඩ්වර්ටයිසින් (ප්‍රයිවට්‌) ලිමිටඩ් සහ තිස්‌සමහාරාමයේ පල්ලියවත්ත පාරේ අංක 28 දරන තැන පිහිටි ලුමිනස්‌ ඇඩ්වර්ටයිසින් (ප්‍රයිවට්‌) ලිමිටඩ් යන ආයතන දෙකෙන් ඒවායේ ව්‍යාපාර ස්‌වභාවය ගැන පැහැදිලිs කරන ලෙස ඉල්ලා ඇති බව ද දැන්වීමෙහි තවදුරටත් පළවිය.

පැනෝරා සහ ලුමිනස්‌ යන ආයතන දෙක එම පුවත්පත් දැන්වීම පළවන අවස්‌ථාව වන විට පුද්ගලයන් විසි දහසකගෙන් පමණ මුදල් ලබාගෙන තිබෙන බවට මේ අතර ආරංචි පැතිර යන්නට විය. ආයතන දෙක සතුව අඩුම ගණනේ රුපියල් කෝටි 100 ක්‌ හෙවත් බිලියන එකකවත් මහජන මුදල් තිබිණ. ආයතන දෙක සතුව වෙන වෙනම වෙබ් අඩවි දෙකක්‌ ඇත. (www.panoraadvertising.net) යනුවෙන් පැනෝරා වෙබ් අඩවියද (lminousadmart.com) ලුමිනස්‌ වෙබ් අඩවියද අදටත් අන්තර්ජාලයෙහි තිබේ. ලුමිනස්‌ වෙබ් අඩවිය ඉංග්‍රීසි බසින් ගොඩනගා තිබෙන අතර එහි කියෑවෙන්නේ එම ආයතනය නව සංකල්ප හරහා විරැකියාව තුරන් කිරීම, ධන චින්තනය පිරි ජීවන මාර්ගයකට තරුණයන් යොමු කිරීම, වෙළෙඳපොළ අවස්‌ථා වැඩි දියුණු කිරීම වැනි දේවල් කිරීමට කැපවී සිටින බවය. දැනගන්නට ඇති පරිදි ඒ සියලු සංකල්ප අදටත් වෙබ් අඩවියෙන් එහාට ගොස්‌ නැත. මේ වෙබ් අඩවියට දායක වීමට නම් PIN අංකයක්‌ සහ SPOSOR ID වදනක්‌ අවශ්‍යය. තිස්‌සමහාරාමයේ ජීවත්වන ගමේ ගොඩේ අහිංසක ගොවි ජනතාව පරිගණක ඔස්‌සේ ගනුදෙනු නොකරන අතර ඒ ගැන අසාගන්නේ දන්නා කෙනකුගෙනි. මේ ගැන එම අහිංසකයන්ට කියා දීමට ලුමිනස්‌ ආයතනයේ බ්‍රොaකර්ලා මහ පාරේ සිටිති. මේ ආයතනයේ වැඩපිළිවෙලට බැඳීමට දියමන්ති, රිදී සහ ලෝකඩ යනුවෙන් පැකේ- තුනක්‌ තිබෙන බවද දියමන්ති පැකේජයට ඩොලර් 500 ක්‌ (රුපියල් 67,500 ක්‌), රිදී පැකේජය වෙනුවෙන් ඩොලර් 250 ක්‌ද, (රුපියල් 33,750 ක්‌), බ්‍රොන්ස්‌ පැකේජය සඳහා ඩොලර් 100 ක්‌ (රුපියල් 13,500 ක්‌) ද ලුමිනස්‌ ආයතනයට ගෙවිය යුතුය. 

පැනෝරා වෙබ් අඩවිය සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම තමන් ගැන කරුණු පැහැදිලි කර තිබෙන අතර එහි සඳහන් වන්නේ දැන්වීම් කලාව තුළින් පාරිභෝගික ජනතාව වෙත උසස්‌ සේවාවක්‌ ලබාදී පාරිභෝගික විශ්වාසය ගොඩනගා ගැනීම තම අරමුණ බවය. ඔවුන් මේ අරමුණ කරා ඔබ නොමිලයේ ගෙන යන්නේ නැත. ඒ සඳහා ස්‌ටාටර්, ස්‌ටෑන්ඩඩ්, ඇඩ්වාන්ස්‌ඩ් යනුවෙන් පැකේජ තුනක්‌ ඔවුන් සතුව ඇති අතර ඒවාට ඔබ මුදල් ගෙවා ඇතුළත් විය යුතුය. පළමු පැකේජයේ මිල ඇමරිකන් ඩොලර් 10 කි. දෙවැන්නට ඩොලර් 600 ක්‌ හෙවත් රුපියල් 78,000 ක්‌ද, ඇඩ්වාන්ස්‌ඩ් පැකේජයට ඩොලර් 1200 ක්‌ හෙවත් රුපියල් 156,000 ක්‌ ගෙවිය යුතුය.

මේ තැන්පත් කිරීම්වලින් පසු ආයතනය සිය සේවාව පටන් ගන්නේ මෙසේය. අන්තර්ජාලයට මුදාහරින දැන්වීම් මාලාවක්‌ ගැන තොරතුරු මේ ආයතන තම සේවාදායකයන්ට ලබාදෙයි. සතියකට එවැනි ඇඩ් හතරක්‌ද, මසකට 16 ක්‌ද, ඔවුන් බැලිය යුතුය. එවිට රුපියල් 1300 ක්‌ තැන්පත් කළ කෙනකුට සතියකට රුපියල් 160 බැගින් මසකට රුපියල් 690 ක්‌ ලැබෙයි. රුපියල් 78000 ක්‌ දැමූ තැනැත්තාට සතියට රුපියල් 5400 ක්‌ හෙවත් මසකට රුපියල් 21,600 ක්‌ ලැබෙයි. රුපියල් 15,60,00 ක ආයතනයකට ලැබෙන මාසික ආදායම රුපියල් 43,200 කි. මේ මුදල් පුරා අවුරුදු දෙකක්‌ තිස්‌සේ ගෙවන බව ආයතනයේ බ්‍රොaකර්ලා තැන්පත්කරුවන්ට කියති. පළමු මාස දෙක තුළ කිසිදු ප්‍රතිලාභයක්‌ නොගෙවන බව ආයතනය කියයි. එතැන් සිට මාස 20 ක්‌ තුළ ඔවුහු මුදල් ගෙවීමට ගිවිසති. ඒ අනුව රුපියල් 1300 තැන්පත් කළ තැනැත්තා මාස විස්‌ස නිමවන විට රුපියල් 12,800 ක්‌ ගෙවිය යුතුය. රු. 78,000 තැන්පත් කරු මාස 20 තුළ රු. 43,2000 (හාර ලක්‍ෂ තිස්‌ දෙදහසක්‌) ලබයි. රු. 15,6000 තැන්පත් කළ අයකු ලබන ආදායමේ මුළු එකතුව රු. 864,000 (අට ලක්‍ෂ හැට හතර දහසකි.

දෙවන සහ තෙවැනි පැකේජ සඳහා ආයතනයට නව සාමාජිකයන් හඳුන්වා දෙන බ්‍රොaකර් කෙනකුට රු. 3500 බැගින් ගෙවනු ලැබේ. ඒ නිසා පසුගිය කාලයේදී ආයතනය අවට බ්‍රොaකර්ලා සිය ගණන් සිටි අතර ආයතනය පසු කර යන ඕනෑම කෙනකු ඇදගෙන විත් එයට බඳවා දිනකට රුපියල් 10,000 ඉක්‌මවා උපයාගත් අයද වූහ.

ලුමිනස්‌ සහ පැනෝරා ආයතන තුළ මුදල් තැන්පත් කළ අය ඒ සඳහා මුදල් සොයා ගන්නේ තම ගොවිතැන් කටයුතු සඳහා තිබෙන ට්‍රැක්‌ටර් විකිණීම, වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදවන ලොරි විකිණීම යනාදියෙනි. සමහරු තම මෝටර් රථය විකුණා එම මුදල එහෙම්පිටින්ම ආයෝජනය කළ අවස්‌ථාද ඇත. ආයතනය වෙනුවෙන් මුදල් තැන්පත් කළ හැකි බැංකු ගිණුම් දෙකක්‌ පැනෝරා වෙබ් අඩවියෙහි ඇත. එයින් එකක්‌ 105033531954001 ය. අනෙක 062100000679 ය. (බැංකු දෙකේ නම් සඳහන් කිරීමෙන් වළකිමු.) පැනෝරාවේ දුරකථන අංකය - 047225663 ය. ලුමිනස්‌ ආයතනයේ දුරකථනය 0472238080 ය. මේ අංකවලට කතා කළ විට ඉතා කලාතුරකින් පිළිතුරු ලැබෙන අතර ලුමිනස්‌ අධිපති සමන් මහත්තයා ට කතා කිරීමට අපට කිසිදු අවස්‌ථාවක්‌ නැති විය. එහෙත් පැනෝරා අධිපති ෙ-. එම්. සෝමලාල් අපට පිළිතුරු දුන් නමුත් ආයතනයේ අර්බුදය ගැන ප්‍රකාශයක්‌ කරන ලෙස ඉල්ලා සිටි අවස්‌ථාවේදී පසුව කතා කරමු යි කියා දුරකථනයට පිළිතුරු දීමෙන් මග හැරියේය.

මෙයට වසරකට පෙර ලුමිනස්‌ ආයතනය මෙම පැකේජ බිස්‌නස්‌ එක පටන් ගත් බව පෙනෙයි. එහි අයිතිකරු ඒ සඳහා මුලින්ම මුදල් එකතු කරගත්තේ 88 ක්‌ වූ තම ඥාති සමූහයාගේ මුදල් තැන්පතු එකතු කරගෙනය. පසුව එම ආයතනයේම සේවකයකු වූ ෙ-. එම්. සෝමලාල් ආයතනයෙන් කොටසක්‌ කඩාගෙන විත් පැනෝරා ආයතනය බිහි කළේය. අන්තර් ජාලයේ දැන්වීම් බලනවාට මුදල් ගෙවනවා යෑයි කියන නමුත් ඔවුන් මුදල් ආයෝජනය කර ඇත්තේ සුපර් මාකට්‌ සහ පෙට්‍රල් ෂෙඩ් ව්‍යාපාරයෙහිය. 

ඔවුන් මුල් කාලයේදී තම සාමාජිකයන්ට ප්‍රතිලාභ ගෙවා ඇතත් පසුව එය කඩාකප්පල් වී තිබේ. ඔවුන් පළමු වැන්නාට ප්‍රතිලාභ ගෙවන්නේ දෙවැන්නා තැන්පත් කරන මුදලින් කොටසක්‌ යොදවාය. 2 වැන්නාට ගෙවන්නේ තෙවැන්නකු ගෙවන මුදලිනි. මෙය ඉංග්‍රිසියෙන් (Ponzi Scheme) යනුවෙන් හැඳින්වෙන අතර අප එය දන්නේ පිරමීඩාකාර ව්‍යාපෘති ලෙසය.

ලුමිනස්‌ සහ පැනෝරා ආයතන දෙක කරන කටයුත්ත කොතරම් දුරට නීති විරෝධීද යන්න අර්ථකථනය කර ගැනීමට බැරි තත්ත්වයක්‌ පසුගිය කාලයේදී මතුව තිබිණ. එහෙත් ඒ තත්ත්වය නිරාකරණය කරගත් ශ්‍රී ලංකා මහ බැංකුව 2013-12-02 දාතම යටතේ පැනෝරා ආයතනයට ලිපියක්‌ යවමින් එම ආයතනය 2011 අංක 42 මුදල් ව්‍යාපාර පනතේ 2 (2) සහ 2(1) වගන්ති උල්ලංඝනය කර ඇති බව දන්වා ඇත. මෙය ලුමිනස්‌ ආයතනයටද පොදුය.

(ලබන සතියේ - පැනෝරා ලුමිනස්‌ ආයතන නිසා මහපාරට වැටුණු අසරණයන්ගේ කතාව)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos