දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථයක ඉදිරි පස රෝදයක හුළං බැසීම හේතුවෙන් රිය අනතුරක් සිදුවී තිබේ.
මෙහිදී එක් වරම රෝදයේ හුළං බැසීම හේතුවෙන් රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබේ.
එහිදී ආරක්‍ෂිත වැටේ ආරක්‍ෂිත කණු තිස් හයකට හානි ගෙන දෙමින් මෝටර් රථය ඉදිරියට ඇදි ගොස් ඇත.
රිය අනතුරෙන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. මෙම මෝටර් රථයේ විදේශීය කාන්තාවන් දෙදෙනෙක් සහ රියදුරු ගමන් තිබේ.