-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනියම් බිරිදගේ බාල වයස්කාර දියණිය පාසලට යමින් සිටියදී බලහත්කාරයෙන් රැගෙන ගොස් අවස්ථා ගණනාවක් බරපතල ලෙස දුෂණය කිරීමේ සම්බන්ධයෙන් චෝදනා හයක් යටතේ අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ චෝදනා ලබා සිටි විත්තිකාර හිටපු හමුදා කොප්‍රල්වරයෙකු එකී චෝදනාවන්ට අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසුව ඔහුට වසර 81ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ.

වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර දැරිය බලහත්කාරයෙන් රැගෙන යාමේ සිද්ධියට අදාළ චෝදනා 3ක් වෙන් වෙන්ව වසර හත බැගින් වසර විසි එකක (21) බරපතල වැඩ සහිතව සිර දඬුවමක්ද එසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් බරපතල ලෙස දුෂණය කිරීමේ සිද්ධියට අදාළ චෝදනා තුනට වෙන් වෙන්ව වසර විස්ස බැගින් වසර හැටක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද වශයෙන් වසර අසු එකක (81) බරපතල වැඩ සහිතව සිර දඬුවම නියම විය.

රුපියල් එක් ලක්ෂ පනස් දහසක වන්දි මුදලක් පැමිණිලිකාර දැරියට ගෙවන්නැයිද විත්තිකරුට මහාධිකරණය විනිසුරු ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week