-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෂෙරිල් ඩෙකර් ඇගේ නම වුණත් බොහෝ දෙනෙක් ඇයව අඳුනන්නේ “අමා” කියලයි. අමා නම ගැන ෂෙරිල් බොහොම සතුටු වෙනවා. බර්ගර් නම නැතිව අමා කියලා එයාව හැඳින්වීමෙන් පේන්නේ තමන් සිංහල කෙනෙක් වගේ පිළිගන්න නිසා කියලා එයා කියනවා. කෙටි කලකින් ජනප්‍රිය වුණ ෂෙරිල්, ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලෙකින් විවාහ වුණා. ඉන් පස්සෙ කෙටි කාලෙකින් දික්කසාද වෙන්න යන බවත් පළ වුණා. මේ දවස්වල ෂෙරිල් ගැන තියෙන ලොකුම ආරංචිය බබෙක් ලැබෙන්න ඉන්නවා කියන එකයි. මේ ගැන අපිත් ෂෙරිල්ගෙන් ඇහුවා. 

ෂෙරිල් ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද?
අයියෝ.... අද දවසට කීදෙනෙක් නම් මගෙන් ඔය ගැන ඇහුවද? ඕක බොරුවක්. මට ළමයෙක් ලැබෙන්න හිටියෙ නැහැ.
අන්තර්ජාලයේ පළ වුණේ ඔයාට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා.
මම පසුගිය ටිකේ අසනීප වුණා. හොයලා බලද්දී බඩේ ගෙඩියක්. ඩොක්ටර්ස්ලා කිව්වේ ඔපරේෂන් එක ඔක්තෝබර් මාසේ කරන්න. පසුගිය දවස්වල නුවරඑළියේගිහින් එද්දී වමනෙ ගිහින් හොඳටම අමාරු වුණා. ගෙඩිය පුපුරන තරමට අමාරු වුණා. සැප්තැම්බර් මාසේ ඔපරේෂන් එක කළා. ඔය කතාව තමයි අන්තර්ජා‍ලේ පළවෙලා තිබුණේ මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා.
Ama1මේ තොරතුර අන්තර්ජා‍ලේ පළවුණාම ඔයාට මොනවද හිතුණේ?
ඇත්තටම මට පුදුම හිතුණා. එක වෙලාවකදී දානවා මම ඩිවෝස් වෙන්න යනවා කියලා. තව වෙලාවකදී දානවා මට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මේවා තේරුමක් නැති කතා. ඩිවෝස් වෙන්න ඉන්න කෙනකුට කොහොමද ළමයෙක් ලැබෙන්න ඉන්නේ. අනේ මන්දා....ඇයි මේ විදියේ කතා හදන්නේ කියලා. ගොසිප් කරන අය ඩිවෝස් වෙලා ඇති. අපි දෙන්නා බොහොම හොඳින් ජීවත් වෙනවා.
නිරන්තරයෙන් ඔබ සම්බන්ධයෙන් පුවත් මැවෙනවා. එහෙම වෙන්න හේතුවක් තියෙන්න ඕන නේද?
මට නම් හිතෙන්නේ ගොසිප් තොරතුරු දාන අයට අපි දෙන්නා ඩිවෝස් කරන්න ඕන වෙලා කියලයි. හැමදාම ඔය විදියට ෂෙරිල් ඩිවෝස් වෙන්න යනවා කියලා කියන්න හොඳ නැහැ. අපි දෙන්නා විවාහ වුණේ දෙමාපියන්ගේ ආශිර්වාදය ඇතිව දෙවියන්ගේ කැමැත්ත අනුව. ප්‍රශ්න නැතිව අපේ ජීවිතවල ප්‍රශ්න ඇති කරලා එක දෙක කරන එක පවක්. දැන්වත් බොරු ප්‍රචාර යවන අය හැදෙන්න ඕන. එහෙම නැති වුණොත් දෙවියෝ ඒ අයට පනිෂ්මන්ට් දේවි.
ඔබ කියන්නේ ඔබ සම්බන්ධයෙන් යන බොහෝ තොරතුරු අසත්‍යයි කියලද?
ඔව්, අපි දෙන්නා හොඳට ඉන්නවා. ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්පවල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ප්‍රශ්න නිර්මාණය කිරීම ඒ අයගේ මානසික මට්ටමක්. අපි ඩිවෝස් වෙන්න යනවා කියලා නිතර නිතර කියන එක මාර හෙනයක්. ඒ නිසාම අපි දෙන්නා තීරණය කරලා ඉන්නවා ඒ ගැන අවධානය යොමු කරන්නේ නැහැ කියලා. කලාකරුවන් නිසා ප්‍රේක්ෂකයන් වින්දනයක් ලබද්දී ඒ අයට විරුද්ධව අසභ්‍ය විදියට කතා හදනවා. ඒක හොඳ නැහැ.
කලාකරුවන්ට විවාහ වෙන එක ඩිවෝස් වෙන එක සාමාන්‍ය දෙයක් කියලා සාමාන්‍ය මහජනතාව දන්නවා. ඒවා මාධ්‍යවලින් පළවීම හොඳයි. එතකොටයි ඇත්ත ඇති සැටියෙන් පේන්නේ. ඔබ අනුමත කරනවද කලාකරුවෝ ශිෂ්ට විදිහට ජීවත් නොවීම.
කලාකරුවෝ හැදෙන්න ඕන. අපි තුළ පාලනයක් නැත්නම් අපි පරදිනවා. මොන ප්‍රශ්න තිබුණත් කසාද ජීවිතේ ආරක්ෂා කරගෙන ඉන්න ඕන. කවුරුවත් මේ ලෝක අංග සම්පූර්ණ නැහැ. කලාකරුවොත් ඒ බව දැනගෙන තමන්ගේ හිත පාලනය කර ගන්න ඕන. වැරදි කරන අය හරි කියලා මම කියන්නේ නැහැ. නමුත් බොරු ප්‍රචර යැවීමෙන් ඔවුන්ගේ මුළු ජීවිතයම කඩා වැටෙනවා. ඒක වැරදියි.
අපි දැන් ඔයාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරමු. ෂෙරිල්, ඔයාට රුවන්ගෙන් ලැබුණු ලොකුම තෑග්ග මොකක්ද? 
තෑග්ග...එයාගෙන් මට ලැබුණ ලොකුම තෑග්ග තමයි විවාහය. හිතන්නේ නැති විදියට එකිනෙකාට ආදරයක් ඇතිවෙලා අපි දෙන්නා විවාහ වුණා. හැම දෙයක්ම සිදුවුණේ හිතාගන්න බැරි විදියට.
ෂෙරිල් ඔයා වෙනුවෙන් රුවන් හඳපු ගීතයක් තියෙනවද?
එයා ඔක්කොම ගීත හැදුවේ මට තමා. (සිනාසෙමින්)
ඔයා එහෙම හිතාගෙන ඉන්නවාද? නැත්නම්....
නෑ. එයා මට කියලා තියෙන්නේ මම මුණ ගැසුණට පස්සේ හැම ගීතයක්ම මා නිසා නිර්මාණය වුණා කියලයි. වැඩ කරන අතරේ හිටි ගමන් වැඩ පැත්තකට දාලා දුවගෙන ගිහින් මෙලඩි එක ලියනවා. මෙලඩි එක අමතක වේවි කියලා.
ඒ නිසාද රුවන්ගෙ ගීත හැම එකකම විෂුවල් එකට ඔයාව තෝරගන්නේ....
හැම එකකටම නෙවේ. එයාගෙ සිංදු දෙකක විෂුවල්වලට මම ඉන්නවා. ආලෙන් වෙලී සිංදුවට බෑ කියලා පස්සේ කැමැති වුණා. සීත මාරුතේ සිංදුවට විෂුවල් එකට යන්න බෑම කියලා මම කිව්වා. ඒත් පස්සේ ඒ විෂුවල් එකටත් හිටියා.
ෂෙරිල් ඔයා අතින් ගේ දොර වැඩ කටයුතු ඉටු වෙනවද? නැත්නම්....
මට හොඳට උයන්න පුළුවන්. ගේ දොර වැඩ කටයුතු හැම දෙයක්ම මට පුළුවන්. මම උයන්න පටන්ගත්තේ අවුරුදු 16 ඉඳලා.
බටහිර පන්නේ කෑමද?
හැම කෑමක්ම හදන්න පුළුවන්. හැබැයි වැඩිපුර කන්න කැමැති ගමේ ගොඩේ කෑම. එයත් බොහොම කැමතියි මම උයන කෑම කන්න. ආදරයෙන් කෑම උයනවා නම් කෑම රස වෙනවා. මම කෑම එක හදන්නේ ආදරෙන්.
ඔයා දිහා බැලුවහම නම් ගේ දොර වැඩ කරන්න පුළුවන් කියලා හිතෙන්නෙ නැහැ. ඔබ බොහොම සල්ලි බාගෙ තියෙන පවුලක කෙනෙක් කියලයි කතා වෙන්නේ.
ගොඩක් දෙනෙක් මා ගැන හිතාගෙන ඉන්නේ මල්ටි මිලියනර් කෙනෙක් කියලයි. මම ඒ තත්ත්වයෙ කෙනෙක් නෙවේ. අපේ අම්මා අපිව මේ තැනට ගේන්න මාර දුකක් වින්දා. මගේ අම්මා ධෛර්යවන්ත ගැහැනියෙක්. මම අද මේ තැන ඉන්නේ මගේ අම්මා නිසා.
මම හැම කෙනෙක්ගෙන්ම ඉල්ලන්නේ අම්මට, තාත්තට සලකන්න කියලා. ඒ අය කරපු සේවයට අපි සැලකුවේ නැති වුණොත් ඒක මහ පවක්. වැඩිහිටියන්ට සලකන අයට දෙවියෝ නොහිතන දේවල් දෙනවා. මගේ අම්මා මට කිව්වේ නොලැබුණ දේ ගැන දුක්වෙන්න එපා ලැබෙන දේ ගැන හිතන්න කියලයි. ඒ කියමන මගේ ජීවිතේට ශක්තියක්.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos