-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඇමරිකානු ජනාධිපති බරැුක් ඔබාමා විසින් ඉදිරිපත් කළ නව සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩපිළිවෙල නිසා පැවති සෞඛ්‍ය රක්ෂණාවරණයද අහිමි වී ගිය පිරිස වෙතින් ඔබාමා සමාව ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මින් පෙර ඔබාමා විසින් පවසා තිබුණේ කිසිසේත්ම රක්ෂණයක් සහිත පුද්ගලයෙකුට නව වැඩපිළිවෙළ හරහා එසේ සිදුනොවනු ඇති බවයි.

කෙසේවෙතත් නව රක්ෂණයක් සඳහා ලියාපදිංචි වීමේදී අතැමුන් සහනාධාර ලබාදීමේදී සලකා බලන ගණයෙන් බැහැරවී ඇත.

මේ තත්වය හමුවේ ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා ඇති ඔබාමා පවසා ඇත්තේ මෙම නීතියේ ඇති සිදුරු වසා දැමීමට බලධාරීන් සමග එක්ව වෑයම් කරන බවයි.
නම් හෙළි නොකළ ධවල මන්දිර නිලධාරියෙකු සනාථ කර ඇත්තේ ඔබාමා මෙම ආන්දෝලනාත්මක තත්වය මගහැරීම සඳහා යම් පරිපාලන විසඳුමක් ලබාදීමට වෑයම් කරමින් සිටින බවයි.

මෙම තත්වය මත ජනතාව නොමග යැවීමේ චෝදනාව ඇමරිකානු ජනාධිපතිවරයා වෙත එල්ල වී ඇති අතර ඔහුගේ ජනප‍්‍රියත්වය පළමු වරට 40% සීමාවෙන් පහත වැටී ඇති බව ගැලප් සමීක්ෂණ ආයතනය විසින් අනාවරණය කර තිබේ.

රිපබ්ලිකන් විරුද්ධ පක්ෂය වෙතින්ද දැවැන්ත විරෝධයක් එල්ල වෙමින් ඇති අතර නව සෞඛ්‍ය රක්ෂණාවරණය පිළිබඳව පසුගිය කාලය තුළ ඔබාමා පැවසූ දේ සඳහන් වන වීඩියෝ පට අන්තර්ජාලය පුරා පැතිර යමින් පවතී.
මෙම තත්වයෙන් පීඩා විඳිමින් ඇත්තේ සමස්ත ඇමරිකානුවන්ගෙන් 5%ක් පමණක් වන නමුදු ඔවුන් මුහුණදෙන දුෂ්කරතාවයන් පිළිබඳ අවධානය රට පුරා පැතිර ගොස් ඇතැයි පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week