එංගලන්ත ජාතිකයන් අතුරින් වාහන පැදවීමට වැඩි කැමැත්තක් නොදක්වන්නන් හට වැසියන්ට සුභ පුවතක් එරට මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා වල දැක්වෙන ආකාරයට වසර 2017 වන විට එංගලන්තයේ මිල්ටන් කේන්ස් නගරයේ තෝරගත් විදී වල රියදුරන් රහිත මොටර් රථ වර්ගයක් ධාවනය වීමට නියමිතය.
රියදුරු රහිතව ධාවනයේදී සංවේදක භාවිතයෙන් බාධක මගහැර යාමේ හැකියාව මෙම රථය සතුය.
මගීන් දෙදෙනෙකු රැගෙන යා හැකි මෙම මොටර් රථ විදුලි බලයෙන් ධාවනය වන අතර ඒවා පැයට සැතපුම් 12ක වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් පවතියි.