-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ වියදම පියවා ගැනීම සදහා බදු බර පනවන බවට ඇතැමුන් නගන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව අග‍්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා පැවසීය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සමයේ හෝ ඉන් අනතුරුව කිසිසේත්ම බදු ඉහළ යාමක් සිදුනොවන බවත්,සමුළුවේ වියදම ජනතාවගේ ජීවන මට්ටමට දැඩි බලපෑමක් නොකරන බවත්,අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබදව පාසල් දරු දැරියන් දැනුවත් කිරීමේ අරමුණින් ගම්පොළ ජාතික උරුමය මධ්‍යස්ථානයේදී පැවති සම්මන්ත‍්‍රණයක ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

රටවල් 53ක රාජ්‍ය නායකයන් මේ සදහා සහභාගී වීමට නියමිතව සිටියදී ශ‍්‍රී ලංකාවට විරුද්ධව ඇතැම් පිරිස් මේ සදහා සහභාගී නොවන ලෙස විවිධ රටවලට බලපෑම් එල්ල කරන බව කී අග‍්‍රාමාත්‍යවරයා,කෙසේ වෙතත් මේ වනවිට රාජ්‍ය රැසක රාජ්‍ය නායකයන් මීට සහභාගී වන බව තහවුරු කර ඇතැයි ද අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week