-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්විය යුතු බවට බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් සිදුකළ ප‍්‍රකාශය බි‍්‍රතාන්‍ය වැසියන් ඇතුළු විදේශිකයන්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේදී අද පැවැත් වූ මාධ්‍ය හමුවේදී පළ කළ මෙම අදහස් සම්බන්ධයෙන් බී.බී.සී. වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ කැමරන් ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් පළ කළ බවයි. එහෙත් එම වාර්තාව සම්බන්ධයෙන් පාඨක අදහස් යොමුකර ඇති වැඩි පිරිසක් කැමරන්ගේ ප‍්‍රකාශය දෝෂ දර්ශනයට ලක්කර තිබෙනවා. 
ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලා සිටින ඬේවිඞ් කැමරන්ට හිටපු බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර්, හිටපු අමෙරිකානු ජනාධිපති ජෝජ් බුෂ් සමග එක්ව ඉරාකයට එරෙහිව ගනු ලැබූ කි‍්‍රයාමාර්ග අමතක වීම ලැජ්ජා සහගත බව ඇතැම් පාඨකයන් පෙන්වා දී තිබෙනවා. 
ඒ අනුව ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ප‍්‍රථම ටෝනි බ්ලෙයාර් සමයේ සිදුවූ යුද අපරාධ පිළිබඳ ඬේවිඞ් කැමරන් අවධානය යොමුකළ යුතු බව එහි දක්වා තිබෙනවා. 
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග ගැනීමට ප‍්‍රථම, ලිබියාව සහ සිරියාව වැනි රටවල් කෙරෙහි අවධානය යොමුකරන ලෙසයි ඇතැම් පාඨකයන් පෙන්වා දී ඇත්තේ. ශ‍්‍රී ලංකාවෙන් ඛනිජ තෙල් සොයාගෙන තිබුණේ නම් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රතිචාරය මීට වඩා වෙනස් වනු ඇති බවයි තවත් වෙබ් පාඨකයෙකුගේ මතය වී තිබුණේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos