-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විමල් වීරවංශ මහතා තම පක්ෂය හැරයෑම නිසා ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ තිබු විශ්වාසය අද වන විට  කඩා වැටී ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩ සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි. කැස්බෑව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටුවීමේ උත්සවයකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ බව පවසා ඇත. වීරවංශ මහතා ජවිපෙ හැරයෑම නිසා පක්ෂයක් ලෙස ජවිපෙ දුර්වල වූ බවද ඔහු පෙන්වා දී තිබේ.
එම රැස්වීමේදී වැඩි දුරටත් අදහස් පල කල ලාල් කාන්ත මහතා “විමල් වීරවංශ අපෙන් ගලවගෙන ගියාට පස්සේ අපේ පක්ෂය දුර්වල වුනා. අප පිළිබඳ සමාජය ඇතුලේ තිබ්බ විස්වාසය බිඳ වැටුනා. ඒ විශ්වාසය අපි රැක්කනම් අද මේ ආණ්ඩුවට මේ වගේ ජනතාවට  බර පටවමින් යන්න බෑ.එහෙනම් ජනතාව අපි විපක්ෂය හැටියට මේ වෙන කොට භාරගෙන ඉවරයි. අපිට දැන් වේදිකාවට නැගල එදා වගේ කියන්න බෑ අපිට චන්දේ දෙන්න අපේ උන් මාරු වෙන්නේ නෑ කියල.”යනුවෙන් පැවසීය.
තවදුරටත් අදහස් පලකල ඔහු “දයාසිරි ජයසේකර මහත්තයටත් කියන්න දෙයක් තියෙනව.දයසිරි හොඳ මිනිහෙක්. හැබයි දයාසිරි මහත්තයෝ විමල් වීරවංශ පරද්දන ප්‍රොජෙක්ට් එකට ඔයා බහින්න එපා. ඒකට ට්‍රයි කරන්න එපා. විමල් වීරවංශ පරද්දල එච්චර හොඳට කඩේ යන්න නම් දයාසිරිට හම්බ වෙන්නේ නෑ” යැයිද පවසා තිබේ.
කෙසේ නමුත් විමල් වීරවංශ මහතා පක්ෂය හැර ගිය දින සිට මේ දක්වා ජවිපෙ නායකයින් බොහෝ විට පවසා සිටියේ තනි තනි පුද්ගල හැරයෑම් පක්ෂය දුර්වල වීමට හෝ පසුබෑමට බල නොපාන බවයි.  එකල ඒ සඳහා ලයනල් බෝපගේගේ සිට උදාහරණ පෙන්වා දුන් ජවිපෙ නායකත්වය පෙන්වා දුන්නේ විමල් පක්ෂය හැරයෑමෙන් පක්ෂය තවත් පිරිසිදු වූ බවයි.
කෙසේ නමුත් වසර ගණනාවකට පසු ලාල් කාන්ත මහතාට ඊට වඩා වෙනස් ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට සිදු වී තිබේ. ලාල් කාන්ත මහතා ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ජවිපෙ මහ ඇමති අපේක්ෂකයාද වේ.
මීට ටික දිනකට පෙර ඔහු  වගකීම පවරන්නේ නම් ජවිපෙ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බවද පවසා තිබිණ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos