-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ස්තූතිය දැක්වීමේ දිනය නම් නිවාඩු දිනයේදී සේවයට පැමිණෙන ලෙස තමන් යටතේ සේවය කරන සේවකයන්ට බල නොකළ වරදට පිට්සා හටි අවන්හල් කළමණාකරුවකු සේවයෙන් පහ කර ඇතැයි වාර්තා වේ.
පිට්සා හට් වෙනුවෙන් දස වසරක් සේවය කර ඇති ඉන්ඩියානාහි එල්ක්හාට් ප‍්‍රදේශයේ පිහිටා ඇති පිට්සා හට් අවන්හලේ කළමණාකරු ලෙස සේවය කළ ටෝනි රෝහර් මෙම අත්දැකීමට පාත‍්‍ර වී තිබේ.
නත්තල සහ ස්තූතිය පළ කිරීමේ දිනය සේවකයන්ට සිය පවුල් සමග කාලය ගතකිරීමට අවකාශ ලැබෙන නිවාඩු දින 2 වන අතර ඉන් එක් දිනයක සේවයට පැමිණෙන ලෙස සේවකයන්ට  විධානය කිරීම ප‍්‍රතික්‍ෂෙප කළ රෝහර්ට ඉල්ලා අස්වීමේ ලිපියක අත්සන් තබන ලෙස සමාගම් පරිපාලනය විසින් දැනුම්දී තිබේ.
ඒ වෙනුවට ඔහු සමාගමට දොස් පවරමින් ලිපියක් ලියා ඇති අතර එහි දක්වා ඇත්තේ තමා සේවයෙන් ඉල්ලා අස් නොවුවද මේ කෑදර සදාචාර විරෝධී ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කිරීම මගින් තමන්ගේ සේවා කාලය අවසන් වන බව තමන් දන්නා බවයි.
පිට්සා හට් සමාගම ලබන ආදායමේ පතුලේ සිටින්නේ මිනිසුන් බව අමතක නොකළ යුතු බවද ඔහු පවසා තිබේ.
මේ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙතු මාධ්‍ය වෙත පවසා ඇත්තේ රෝහර් ඉවත් නොකළ බවත් ඔහු ස්වකැමැත්තෙන්ම සේවයෙන් අස්වූ බවත්ය.
නිවාඩු දිනයක අවන්හල විවෘත කිරීම සඳහා තමන් අණ නොපණවන බවත් එය ප‍්‍රාදේශීය පරිපාලනය විසින් ස්වෙච්ඡවෙන් ගනු ලබන තීරණයක් බවත් නිවේදනය කර ඇති පිට්සා හට් සමාගම මේ අවාසනාවන්ත තත්වය පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව දක්වා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos