-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

එංගලන්ත ජාතිකයකු ලැගුම්ගෙන සිටි හබරාදුව යටගල ප්‍රදේශයේ ලැගුම්හලක සිටි විදේශිකයකුට අයත් රුපියල් තුන්ලක්ෂ හැත්තෑ නව දහසක් වටිනා මුදල් හා රන් භාණ්ඩ සොරකම් කොට ඇත.

පෙරේදා (16දා) අලුයම් කාලයේදී හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් යටගල පිහිටි මෙම ලැගුම්හලට ඇතුළුවූ අයකු ලැගුම්හලේ තිබූ විදේශිකයාට අයත් රන් මාලයක්, අත් ඔරලෝසුවක්, මුදල් රුපියල් විසිදහසක්, කැමරාවක්, ඇමෙරිකානු ඩොලර් 650ක් සොරකම් කරගෙන ගොස් ඇති බැව් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම විදේශිකයා ගුවන් නියමුවකු වන අතර ඔහු ඩුබායි රටේ සේවය කරයි. කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි මොහු තවත් විදේශිකයකුට අයත් මෙම ලැගුම්හලේ නවාතැන්ගෙන ඇත. විදේශිකයා ලැගුම්හලේ ‍ෙදාර ජනෙල් විවෘත කොට නිදියමින් සිටියදී මෙම සොරකම සිදුවී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හබරාදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos