-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කුලියාපිටිය ප්‍රදේශයේ රජයේ බාලිකා රැඳවුම් නිවාසයක දැරියන් පිරිසක් වීදුරු කටුවලින් වරින් වර තම දෑත් කපා ගැනීම ගැන එහි සාහායක පාලකවරිය විසින් කුලියාපිටිය  පොලිසියට පැමිණිලි කොට ඇත.

 පසුගිය 13-14 දින දෙක තුළ  දැරියන් 13 දෙනකු මෙසේ තම අත් කපා ගෙන තුවාල සිදුකරගෙන ඇත. මෙම රැඳවුම් නිවාසයේ විසීමට ඇති අකැමැත්ත මත මෙම ක්‍රියාව සිදු කරගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කුලියාපිටිය පොලිසියේ කාන්තා  හා ළමා කාර්යාංශයේ පො.සැ. කේ.ඒ.ඩී. සරත් විසින් මේ පිළිබඳව  ‘ඒ’ වාර්තාවක් මඟින් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් වයඹ පළාත් කොමසාරිස් හා මෙම  රැඳවුම් ස්ථානභාර නිලධාරිවරුන්ට හෙට (19 වැනි දින)  කුලියාපිටිය අධිකරණයේ පෙනී සිටීමට නොතිසි නිකුත් කර ඇත. මෙයට අමතරව මේ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් පවත්වා එදිනට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද කුලියාපිටිය මහෙස්ත්‍රාත්තුමා විසින් කුලියාපිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක මහතා වෙත දැනුම් දී ඇත.

 මෙයට අමතරව (19) හෙට දක්වා කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනකු මෙම ස්ථානයේ ආරක්ෂාව සඳහා යෙදවීමට මහෙස්ත්‍රාත්තුමන් විසින් පොලිසියට දැනුම් දී ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos