-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් 47,926 දෙනකු පසුගිය වසරේදී (2012) ශ්‍රී ලංකාව තුළදී අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම ගංජා හා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 73,904 යි ග්‍රෑම් 945 ක්‌ එහිදී අත්අඩංගුවට පත්ව ඇතැයි ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩලය විසින් නිකුත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ.

මෙසේ 2012 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්ගෙන් බහුතරය එනම් සියයට 65 ක්‌ම ගංජා ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් කොටුවී තිබේ. මත්ද්‍රව්‍ය තොගයෙන් කිලෝ 73,871 යි ග්‍රෑම් 682 ක්‌ ගංජා වන අතර කිලෝ 33 යි ග්‍රෑම් 263 ක්‌ හෙරොයින් වන බව එම වාර්තාවේ දැක්‌වේ.

පසුගිය වසරේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූවන්ගෙන් සියයට 35 ක්‌ම හෙරොයින් සම්බන්ධ වැරදිකරුවෝ වෙති.

දිවයින පුරා පිහිටි අධිකරණවල පසුගිය වසරේ ගංජා හා හෙරොයින් සම්බන්ධ නඩු 47,844 ක්‌ පවරා ඇති අතර ඉන් නඩු 31,110 ක්‌ ගංජා සම්බන්ධයෙන්ද නඩු 16,734 ක්‌ හෙරොයින් සම්බන්ධයෙන්ද වෙයි.

2012 වසරේදී දිවයිනේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් වැඩි ප්‍රතිශතයක්‌ අත්අඩංගුවට ගත් දිස්‌ත්‍රික්‌කය කොළඹ දිස්‌ත්‍රික්‌කයයි. එම ප්‍රතිශතය සියයට 60 කි. මෙයට අමතරව ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් සියයට 6 ක්‌ද, කළුතර දිස්‌ත්‍රික්‌කයෙන් සියයට 4 ක්‌ද අත්අඩංගුවට පත්ව තිබිණි.

පසුගිය වසර පහක කාලය තුළදී මෙරට ගංජා භාවිතය ශීඝ්‍රයෙන් ඉහළ ගොස්‌ ඇති බවටද වාර්තා වී තිබේ.

මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ විදේශිකයන් 41 දෙනකු මෙරටදී අත්අඩංගුවට පත්ව ඇති අතර විදෙAශයකදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව තිදෙනෙකි.

ඊයේ (20 දා) රාජගිරිය ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය කෙරිණි. ඖෂධ පාලක මණ්‌ඩලයේ සභාපතිනි ලේෂා ද සිල්වා චන්ද්‍රසේන හා සහකාර අධ්‍යක්‍ෂ (පර්යේෂණ) භද්‍රdනි සේනානායක යන මහත්මීහු මෙහිදී කතා කළහ.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos