-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අනියම් සැමියා මරණයට පත්කළ කෝටිපති කාන්තාවගෙන් කට්‌ටියම එක්‌කෝටි දස ලක්‌ෂයකට අධික මුදල් ලබාගෙන
ඕඅයිසීගේ බැංකු ගිණුමේ ලක්‌ෂ විස්‌සක මුදලක්‌ තිබිලා!

හේමන්ත රන්දුණු

හිටපු පොලිස්‌ පරීක්‌ෂකවරයකු වූ තම අනියම් සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන කෝටිපති කාන්තාවට තර්ජනය කරමින් ඇගෙන් රුපියල් එක්‌ කෝටි දසලක්‌ෂයකට අධික මුදලක්‌ ලබාගත් බව කියන තලංගම පොලිසියේ ස්‌ථානාධිපති උපුල් පෙරේරා ඇතුළු නිලධාරීන් සිව් දෙනකු කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරීන් අතර තලංගම පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති කොඩිතුවක්‌කු සැරයන්වරයකු සහ කොස්‌තාපල්වරයකු ද සිටින බව පොලිසිය පවසයි.

හිටපු පොලිස්‌ පරීක්‌ෂකවරයකු වූ රොහාන් කුමාරසිංහ මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝටිපති කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමේදී තලංගම පොලිසියේ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තමාගෙන් රුපියල් එක්‌කෝටි දසලක්‌ෂයක මුදලක්‌ ලබාගත් බව හෙළි කර ඇත.

සැකකාර ස්‌ථානාධිපතිවරයාගේ බැංකු- ගිණුම් පරීක්‌ෂා කිරීමේදී මෙම සැකකාර කාන්තාව විසින් ඊට රුපියල් ලක්‌ෂ විස්‌සක මුදලක්‌ බැර කර ඇති බව හෙළිවිය.

ඊට අමතරව සැකකාර පොලිස්‌ නිලධාරීන්ට මෙම කෝටිපති කාන්තාව විසින් වරින්වර මෙසේ මුදල් ලබා දී ඇති බවද හෙළිදරව් වී තිබේ.

සැකකාර පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා රජයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ළඟම ඥතියකු බවද පැවසේ.

මෙම දේශපාලනඥයාගේ බලපෑමෙන් නිලධාරියා තලංගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස පැමිණ ඇති බවද පොලිස්‌ ආරංචිමාර්ග පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තලංගම පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් සිව්දෙනා කොළඹ අපරාධ කොට්‌ඨාසය වෙත ඊයේ පෙරවරුවේ කැඳවීමෙන් පසු ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි.

පසුව මෙම සැකකාර නිලධාරීන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ කොට්‌ඨාසය කටයුතු කරන ලදී. සැකකරුවන් අධිකරණය වෙත අද (21 වැනිදා) ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු පොලිස්‌ පරීක්‌ෂකවරයකු වූ රොහාන් කුමාරසිංහ වසර හතරක පමණ කාලයක්‌ නිමාලි කරුණාරත්න නමැති කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගොස්‌ තිබිණි.

කුමාරසිංහ මහතා කෝටිපති කාන්තාවගේ මුදල් අසීමිතව වියදම් කළ අතර අවසානයේ ඇයට මෙම සම්බන්ධය හිසරදයක්‌ වී ඇත.

පසුව සැකකාර කාන්තාව සිය රියෑදුරුගේ මාර්ගයෙන් තම අනියම් සැමියා ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක්‌ ලබාදී තිබේ.

කඩුවෙල ප්‍රදේශයේ සංවිධානාත්මක කණ්‌ඩායමක්‌ විසින් රොහාන් කුමාරසිංහ පැහැරගෙන ගොස්‌ කිතුල්ගලදී ඝාතනය කර කැලණි ගඟේ මළ සිරුර ගිල්වා දමනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මූලික පරීක්‌ෂණ සිදුකරනු ලැබීය. කෝටිපති කාන්තාව පොලිසිය හමුවේ කියා සිටියේ තම අනියම් සැමියා අතුරුදන්ව ඇති බවයි.

රොහාන් කුමාරසිංහගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල කර ඇති තලංගම පොලිසියේ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීන් සිව් දෙනා කෝටිපති කාන්තාව බියට පත් කර අත්අඩංගුවට ගන්නා බව පවසමින් මෙසේ මුදල් ලබාගෙන ඇත.

රොහාන් කුමාරසිංහ නමැති තම සොහොයුරාගේ අබිරහස්‌ අතුරුදන්වීම පිළිබඳව බාලසොහොයුරා පොලිස්‌පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්‌ෂණ ආරම්භ කළ කොළඹ අපරාධ කොට්‌ඨාසය මෙම ඝාතනයේ සුලමුල හෙළිකර ගත්තේය. ඒ අනුව කෝටිපති කාන්තාව ඇගේ රියෑදුරා ඇතුළු පස්‌දෙනෙක්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

රුපියල් එක්‌කෝටි දස ලක්‌ෂයක මුදලක්‌ තලංගම පොලිසියේ නිලධාරීන් කෝටිපති කාන්තාවගෙන් ලබාගත් බවට තොරතුරු හෙළිවී ඇත්තේ ඉන්පසුවය.

සැකකාර පොලිස්‌ නිලධාරීන් සිව්දෙනාගේ බැංකු ගිණුම් සහ වත්කම් පිළිබඳව සොයා බලාගෙන යන බව කොළඹ අපරාධ කොට්‌ඨාසය පවසයි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂ ආර්. එල්. රණවීර, සහකාර පොලිස්‌ අධිකාරී නුවන් වෙදිසිංහ ඇතුළු නිලධාරීහු පරීක්‌ෂණ පවත්වති.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos