තලංගමදී පැහැර ගත් තම අනියම් සැමියා වන හිටපු පොලිස් පරීක්ෂක රොහාන් තුසිත කුමාර ඝාතනයේ පරීක්ෂණ යටපත් කිරීම සදහා අනියම් බිරියගෙන් රුපියල් ලක්ෂ විස්සක් ගත්තැයි සැකපිට තලංගම පොලීසියේ අපරාධ අශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන්වරයකුගෙන් හා කොස්තාපල්වරයකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය දැන් ප්‍රශ්න කර ගෙන යයි.
හිමාලි කරුණාත්න නම් හතලිස් දෙහැවිරිදි ධනවත් කත තලංගම පොලීසියේ සිව් දෙනාට රුපියල් ලක්ෂ හැත්තෑපහක මුදලක් වරින් වර දී ඇතැයි ලැබී ඇති තොරතුරු අනුව පරීක්ෂණ පැවැත්වෙන බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.
එක් අයකුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 20 ක් බැර කැර ඇති අතර අනික් තිදෙනාට වරින් වර ලක්ෂ විසි පහ බැගින් ගෙවා ඇතැයි තහවුරු නොවු ආරංචි කියයි.
අල්ලස් ගත්තැයි කියන එක් කොස්තාපල්වරයකු ගෙයක්ද කඩයක් ද මිලට ගෙන ඇතැයි කියති.
ඔහු පැහැරගෙන ගොස් ඇත්තේ පසුගිය ජුලි 21 වැනිදාය.ඔහුගේ සිරුර කිතුල්ගල ළදු කැළැවක තිබී හමු විය.