පැහැරගත් නැනෝ රියකින් පැමිණි සිව් දෙදෙනකු කළුතර කටුකුරුන්දේ දී අද (14) අලුයම ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 14ක් පමණ කොල්ල කා පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. එම ව්‍යාපාරිකයා භාණ්ඩ මිලදී ගැනීමට කොළඹ යද්දී මෙම කොල්ලය සිදු කර ඇත. නැනෝරියේ අයිතිකරු බත්තරමුල්ලේ පුද්ගලයෙකි. ඔහුගේ රියට ගොඩවූ සිව් දෙනා කුලි ගමනක් යන මුවාවෙන් ටික දුරක් ගොස් ඔහු බැඳදමා කුලි රිය පැහැරගෙන ගොස් ඇත. එම රිය කළුතර කලමුල්ලේ අතහැර ගොස් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. කොල්ලකරුවන් මුදල් රැගෙන පළාගොස් ඇත.
lankadeepa