රන් භාණ්‌ඩ අලෙවි කිරීමට ගිය වයස 18 ක තරුණියක් සහ 21 ක තරුණයෙක් කෑගල්ල පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් සතුව තිබූ රන් ආභරණවල වටිනාකම රුපියල් ලක්‍ෂ 12 ක් පමණ වන බවද පැවසේ.
රන් භාණ්‌ඩ තොගය තමාගේ මිත්‍රයකුගෙන් තමාට ලැබුණ බව එම තරුණයා ඔහු සමග සිටි තරුණියට පවසා තිබූ බවද ඒවා අලෙවි කර යාලුවාට මුදල් ලබාදීම සඳහා තමාව කැඳවූ බවද තරුණිය පොලිසියට පවසා ඇති අතර තරුණයා පොලිසියට පවසා ඇත්තේ එම රන් භාණ්‌ඩ සහිත පාර්සලය තමා තේ බීමට ගිය අවස්‌ථාවේදී අවන්හලකදී මාරුවී තමාට ලැබුණු බවය.
මේ අතර වෙනත් ප්‍රදේශවලින් මෙම රත්රන් භාණ්‌ඩ තොගය පිළිබඳ පැමිණිලි තිබෙන බවට පරීක්‍ෂා කරගෙන යන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් රන් භාණ්‌ඩ හා සැකකරුවන් 6 දා කෑගල්ල මහෙස්‌ත්‍රාත් තුමා ඉදිරියට පැමිණවීමට නියමිතව තිබිණි.