-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බළන්ගොඩ මුල්ගම ප්‍රදේශයේ අවුරුදු 15 ක්‌ පමණ වයසැති පාසල් දැරියක්‌ කීප දෙනකු විසින් බලහත්කාරයෙන් කැඳවාගෙන ගොස්‌ අපයෝජනයට ලක්‌ කිරීම පිළිබඳ බළන්ගොඩ පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ අරඹා ඇත. අනාවරණය වී ඇති කරුණු අනුව සිද්ධිය මෙසේය. මෙම පාසල් සිසුවිය. තවත් පාසල් සිසුවකු සමඟ මීට වසරකට පෙර ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඔහු අතින් වරක්‌ දූෂණයට ලක්‌ වී ඇත. 

ඉන් වසරකට පමණ පසු ඉකුත් 20 දා එම පාසල් සිසුවාගේ මිතුරන් තිදෙනකු මෙම සිසුවිය අපයෝජනයට ලක්‌කර ඇත්තේ 2012 සිද්ධිය තමන් වීඩියෝ කර ඇති බවත් ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවුවහොත් එය හෙළිදරව් කරන බවත් පවසමිනි. පසුව බළන්ගොඩ නගරයට නුදුරු පාළු ස්‌ථානයකට රැගෙන ගොස්‌ ඇයට අතවර කර ඇත. ඊට පසුවත් විටින් විට මොවුන් අයුතු යෝජනා කරමින් බලකරන බැවින් සිද්ධිය දෙමාපියන්ට පවසා පොලිසියට පැමිණිලි කර ඇත. මෙම දැරිය වෛද්‍ය වාර්තාවක්‌ ලබා ගැනීම සඳහා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පළමු පෙම්වතා ඇතුළු තිදෙනෙක්‌ අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර මීට අනුබල දුන් ත්‍රිරෝද රථ රියෑදුරාද අත්අඩංගුවට ගෙන ඇත.

මෙයින් පළමුවෙන් අත්අඩංගුවට ගත් දෙදෙනා බළන්ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් එම්. එම්. රµêක්‌ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 12 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී. බළන්ගොඩ පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ හා අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පරීක්‍ෂණ දියත්කර ඇත්තේ බළන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. රංජිත් දසනායක මහතාගේ උපදෙස්‌ පරිදිය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week