ශ‍්‍රී ලංකා භූමියට අයත් කිලෝ මීටර් 500-600ක් පමණ දකුණින් මුහුදු පත්ලේ හටගෙන ඇති භූ ක‍්‍රියාවලියන් නිසා සුවිශාල භූ පැල්මක් ඇතිවෙමින් තිබෙන බවත් ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකාව භූමිකම්පාවලට බිලිවීමේ අවදානමකට මුහුණ පා සිටින බවත් ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ මහාචාර්ය සී.බී. දිසානායක මහතා පවසයි.
ඉකුත් දා පාකිස්තානයේ හටගත් භූ කම්පනයෙන් පසුව මේ තත්වය උද්ගතව ඇති බවත් පවසන ඒ මහතා ශ‍්‍රී ලංකාවට දකුණෙන් හා ගිණිකොන දෙසින් අලූත් භූ තල නිර්මාණය වෙමින් පවතින නිසා මුහුදු පත්ලේ භූ පැල්ම හටගන ඇතැයිද කියා සිටියේය.
මෙම භූ පැල්ම වසර මිලියන 10-12ක් තරම් ඈත කාලයේ හැට ගැනුනක් වන අතර මේ වන විට එය අභ්‍යන්තරයේ මහා පරිමාණයෙන් වර්ධනය වෙමින් ඇත්තේ යයිද කියා සිටියේය.