මුදල් වංචාවක් සම්බන්ධයෙන් වරදකරු වූ ඉන්දියාවේ හිටපු දුම්රිය සේවා ඇමැති ලාලු ප්‍රසාද් යාදේව්ට ඊයේ වසර පහක සිර දඬුවම් නියම විය. බිහාර් ප්‍රාන්තයේ මහ ඇමැතිවරයාව සිටියදී ගව ආහාර සඳහා වෙන් කළ මුදල් වංචා කළ බවට ලාලු ප්‍රසාද්ට එරෙහිව චෝදනා නැගී තිබුණු අතර පසුගිය සඳුදා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ ය. මෙම චෝදනා ලාලු ප්‍රසාද් ප්‍රතික්ෂේප කරයි. නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඔහුගේ පවුලේ සාමාජිකයන් මාධ්‍යයට පවසා තිබේ.
යම් වරදකට සැකකරුවකු වන මැති ඇමැති මන්ත්‍රීවරුන්ට ධුරයේ සිටීම තහනම් බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ දේශපාලනඥයන් අතර ලාලු ප්‍රසාද් ප්‍රමුඛය. වසර පහක සිර දඬුවමට අමතරව ලාලු ප්‍රසාද් යාදේව්ට ඉන්දියානු රුපියල් මිලියන 2.5 ක දඩයක්ද මෙම නඩුව විභාග කළ ජාර්කාන්ද් ප්‍රාන්තයේ රැන්චි විශේෂ අධිකරණය නියම කර තිබේ. ගව ආහාර සඳහා වූ රුපියල් බිලියන 9.5 ක මුදල වංචා කිරීමේ සිදුවීමට යාදෙව් ඇතුළු තවත් පුද්ගලයන් 45 දෙනකුට චෝදනා එල්ල විය.