ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල වන බඹරකන්ද දියඇල්ල නැරැඹීම සඳහා ගාස්තුවක් අය කිරීමට හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව තීරණය කර තිබේ.මේ අනුව පාසල් ශිෂ්‍යයන් සදහා රුපියල් 10ක මුදලක්ද, වැඩිහිටි දේශීය සංචාරකයකුගෙන් රුපියල් 20ක්ද, විදේශික සංචාරකයකුගෙන් රුපියල් 100ක්ද අය කිරීමට තීරණය කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. ධනරත්න මහතා පැවැසීය.දියඇල්ල ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට හා පරිසර සංරක්ෂණය සඳහා මෙම මුදල් වැය කරන බවද හෙතෙම සඳහන් කළේය.
Lanka Gossip Girl News Powered by Gossip Lanka Media