ඉන්දීය රජය විසින් යුද නැව් දෙකක් ශ‍්‍රී ලංකාවටලබා දීමට ඇති සැලැස්ම සම්බන්ධයෙන් මේ මස 08 වැනිදාට පෙර කරුණු දක්වන ලෙස ඉන්දීය අධිකරණයක් මධ්‍යම රජයට දැනුම් දී ඇත.
මෙහිදී මධ්‍යම රජය වෙත අධිකරණය ප‍්‍රශ්න 03ක් යොමු කර ඇති අතර, එයින් ඉදිරිපත් කර ඇති එක් ප‍්‍රශ්නයක් වන්නේ මෙම යුද නැව් ශ‍්‍රී ලංකාවට ලබා දෙන්නේ කවර පදනමක සිටද යන්නයි. එමෙන්ම මෙම අවි ලබාදෙන දිනය පිළිබදවද අධිකරණය ප‍්‍රශ්න කර ඇත.
අමතරව ඉන්දු-ශ‍්‍රී ලංකා ධීවර ගැටලූවක් පවතින මොහොතක මෙලෙස යුද නැව් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබදවත් අධිකරණය ප‍්‍රශ්න කර ඇති බව තානාපති ආරංචි මාර්ග සදහන් කරයි.