රතුපස්වල ජල ප්‍රශ්නයක් මුල්කොටගෙන පැනනැඟුණු මහජන උද්ඝෝෂණයේදී යුද හමුදාව සීමාව ඉක්මවා කටයුතු කර ඇති බව ඒ පිළිබඳ පැවැති යුද හමුදා මූලික පරීක්‍ෂණයේදී හෙළි වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා පැවැසීය.
ඒ සම්බන්ධයෙන් ‘මව්බිම’ කළ විමසුමකදී යුද හමුදාපතිවරයා සඳහන් කෙළේ එම සිද්ධියට අදාළව අණදුන් නිලධාරීන් සිවුදෙනකු මේ වනවිටත් තනතුරුවලින් ඉවත්කොට ඔවුන් අදාළ රෙජිමේන්තුවලට සීමාකර ඇති බවයි.
එම නිලධාරීන් සම්බන්ධයෙන් පැවැති හමුදා පරීක්‍ෂණ උසාවියට ඉදිරිපත් වූ සක්‍ෂි යළි සම්පිණ්ඩනය කර එය හමුදා නීති අංශයේදී විමර්ශනයට ලක්කොට යුද අධිකරණයට ඉදිරිපත් කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බවද යුද හමුදාපතිවරයා සඳහන් කෙළේය.
මේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරීන් හා යුද හමුදා භටයන් පිළිබඳ ඉදිරිපත් වී ඇති සාක්‍ෂි සම්පිණ්ඩනය කිරීම සදහා එම නිලධාරීන් අයත් වන රෙජිමේන්තු මට්ටමින් පරීක්‍ෂණ මණ්ඩල පත්කරන බවද යුද හමුදාපතිවරයා සඳහන් කෙළේය.
රතුපස්වල සිද්ධියේදී හමුදාව මැදිහත්වීම පිළිබඳ කරුණු සෙවීමට යුද හමුදාපති විසින් පත්කරන ලද යුද හමුදා මූලික පරීක්‍ෂණ උසාවිය ජෙනරාල් ජගත් ඩයස්, බි්‍රගේඩියර් ජයනාත් ජයවීර, බි්‍රගේඩියර් එන්.අයි. සිල්වා, කර්නල් තිලක් වීරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විය.






