-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තමන්ගේ ජීවිත කාලය තුළදී කිසි දිනක සිගරට් එකක් නොබීපු බවත්, අද පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනා පිළිබදව තමන් හොද හැටි දන්නා බවත්, පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය.

එක්සත් ජාතීන්ගේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රටවල් 194ක් අතුරින් 2013 ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලද අමාත්‍යවරයා පිළිගැනීමේ උත්සවයකට එක්වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය. නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විය.

‘බෝ නොවන රෝග වලින් 60%ක් ලෙඩ වන්නේ මත්ද්‍රව්‍ය හා දුම්වැටි අරක්කු නිසායි. ලංකාවේ දවසකට 1000ක් විතර මැරෙන්නේ බෝ නොවන රෝග නිසා. එයට ප‍්‍රධාන හේතුව මත්ද්‍රව්‍ය හා දුම්වැටි තමයි.

මං මගේ ජීවිත කාලය තුළ කිසිසේත්ම සිගරට් එකක් බීපු නැති කෙනෙක්. විශේසයෙන්ම අද ප‍්‍රධාන ආරාධිත අමුත්තා විදිහට නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ආරාධනා කරන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ මොකද මං පාර්ලිමේන්තුවේ අද ඉන්න 225 දෙනා ගැන හොදට දන්නවා.

මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැති, අරක්කු බොන්නේ නැති,සිගරට් බොන්නේ නැති තරුණයෙක් විදියට ආදර්ශයක් දෙන නිසයි මං නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ආරාධනා කළේ මේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට’ යයිද ඇමතිවරයා එහිදී කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos