-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අවුරුදු 2,500ක් පමණ පැරැණි සොහොන් බිමක් ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවලපොළින් හමුවී තිබේ.

පුරාවස්තු සුරැකීමේ ජාතික සංවිධානයේ ලේකම්වරයා විසින් කරන ලද දැනුම්වත් කිරීමකට අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා මේ ස්ථානය ඉකුත්දා නිරීක්ෂණය කෙළේය.

ලංකාවේ විවිධ ස්ථානයන්හි මානව ශිෂ්ටාචාරයේ මුල් ඓතිහාසික යුගයට අයත් මැටි සොහොන් සම්ප්‍රදායේ සුසාන භූමි හමුවී ඇතත් ගම්පහ වැනි විවිධ කාල වකවානුවල වේගවත් සංවර්ධන ක්‍රියා පද්ධතියට භාජන වූ මිනුවන්ගොඩ වැනි නාගරික ප්‍රදේශයක මෙවැනි පෞරාණික ස්මාරක පද්ධතියක් ආරක්ෂා වී පැවැතීම විස්මයට හේතුවන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවැසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර 100ක් පමණ පැරැණි දෙවලපොළ මහා විද්‍යාල භූමියේ මේ සොහොන් බිම හමුවී තිබේ. බොහෝ කාලයක් වර්ෂාවට සේදී යෑම නිසා මතුව තිබූ අස්වාභාවික මැටි තීර හා හතරැස් කොටු කිහිපය පිළිබඳ ප්‍රදේශවාසියකු පුරාවස්තු සුරැකීමේ ජාතික සංවිධානයට දැනුම් දීමෙන් පසු එම ස්ථානය වහාම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

මුල් ඓතිහාසික යුගයට අයත් මැටි සොහොන් සම්ප්‍රදාය ගල් යුගය දක්වාම අෑතට දිවෙන අතර ඒවා නිසැක ලෙසම ලංකාව නිජබිම වූ අපේ ආදි මුතුන් මිත්තන්ගේ සොහොන් බව මේ ස්ථානය ගවේෂණය කළ පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා 'මව්බිම'ට පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos