කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මරදාන පොලිස් වසමේ තාවකාලික නවාතැන්පලක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සම්බන්ධයෙන් වැටලීමක් සිදු කර තිබේ.
එම වැටලීමේදී ගණිකා නිවාසය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුද ගණිකා වෘත්තියේ යෙදීමට සිටි සැකකාරියන් 7 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරියන් වයස අවුරුදු 21 ත් 40 ත් අතර වයස් සීමාවල පසුවන වලපනේ, ත්‍රිකුණාමලය,උඩුපුස්සැල්ලාව,වැල්ලම්පිටිය,වව්නියාව,කොළඹ ප්‍රදේශ වල පදිංචිකාරියන්ය. බස්නාහිර පළාත් දුෂණ මර්ධන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මධ්‍ය අංශය සඳහන් කරයි. |