-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



ගූගල් සමාගමේ චීනයේ සහ ආසියාවේ වර්ධනය වෙමින් තිබෙන වෙළඳ පොළවල ප්‍රතිපත්ති සහ රාජ්‍ය කටයුතු අධ්‍යක්ෂවරිය කොළඹදී දේශනයක් පැවැත්වීමට සූදානම් වේ.

මේ අනුව, ඉහත තනතුර දරන ඈන් ලාවීන් මහත්මිය ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) විසින් “නවෝත්පාදනය සහ ආර්ථික වර්ධනයට අන්තර් ජාල ප්‍රතිපත්තිවල බලපෑම“ මැයෙන් පවත්වන සාකච්ඡාවේ ප්‍රධාන දේශනය සිදු කරනු ලබයි.
මෙම දේශනය සැප්තැම්බර් 05 වනදා උදෑසන 7.30 සිට 11.00 දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ කින්ග්ස් කෝර්ට් හිදී පැවැත්වේ.
: ගූගල් සමාගමේ, චීනයේ සහ ආසියාවේ වර්ධනය වෙමින් තිබෙන වෙළඳ පොළවල ප්‍රතිපත්ති සහ රාජ්‍ය කටයුතු අධ්‍යක්ෂවරිය ලෙස ඈන් ලාවීන් මහත්මිය ආර්ථික සවිබල ගැන්වීම, අන්තර්ගතයන් නියාමනය කිරීම, භූ දේශපාලනය, පෞද්ගලිකත්වය සහ සාමාන්‍ය තාක්ෂණික ප්‍රතිපත්තිය වැනි කරුණු මාලාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකරයි. ආසියාව තුළ දශකයකට වඩා වැඩි කාලයක් ඇය වාසය කිරීම හෝ සේවය කිරීම කරමින් රැඳී සිට තිබේ. ලාවීන් මහත්මිය ගූගල් සමාගම සමග එකතුවීමට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ උපාය මාර්ගික උපදේශන සමාගමක් වන “මැක්ලාර්ටි“ ඇසෝෂියේට්ස් හි, ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක් ලෙසත් අග්නිදිග ආසියාවේ ප්‍රධාන ඇමරිකානු ව්‍යාපාරික ආයතනය වන US-ASEAN ව්‍යාපාරික කවුන්සලයේ උප සභාපතිනිය ලෙසත් කටයුතු කර තිබේ.


Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos