දේදුන්නට පාට ලැබුණේ කොහෙන්ද? දිය ඇල්ලෙන්ද, සමනයන්ගෙන්ද, එහෙම නැත්නම් පුංචි ළමයින්ගේ වර්ණවත් අහිංසක සිතුවිලිවලින්ද? ඒ පැනයට පිළිතුර අපි නොදනිමු. එහෙත් රතු වයින්වලට රතුපාට ලැබුණේ කොහෙන්ද? ඒ පැනයට නම් විද්‍යාඥයන් සතුව පිළිතුරු තිබෙනවා. ඔවුන් කියන පරිදි වයින් රතු වුණේ එහි අඩංගු "රිස්වෙරටෝල්" නමැති රසායනික ද්‍රව්‍යය නිසයි. මේ Resvereratol සතුව ශරීරයේ විෂ නැති කිරීමේ අපූරු බලයක් තිබෙනවා.
Resvereratol තිබෙන්නේ රතු පැහැති මිදි ගෙඩිවල තිබෙන ලෙල්ල තුළයි. වියපත් වන විට පිණිස සම මත හටගන්නා සියලු රැලි සහ පැල්ලම් නැති කිරීමේ හැකියාව මේ රසායනික ද්‍රව්‍යය සතුයි. විද්‍යාඥයන් කියන්නේ මහළු වීම නැවැත්වීමේ බලය මෙයට තිබෙන බවයි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සම මත තිබෙන සියලු රැලි දුරලා තරුණ පෙනුමක් ලබාදීමට ආලේප කළ හැකි සුවිශේෂ ක්‍රීම් වර්ගයක් නිපදවීමට බ්‍රිතාන්‍යයේ ඖෂධ සමාගමකට හැකිව තිබෙනවා.
Resvereratol ඖෂධය ක්‍රීම් වශයෙන් වගේම කැප්සියුල වශයෙනුත් එනවා. නිෂ්පාදන සමාගම කියන පරිදි ක්‍රීම් ආලෝපය හෝ කැප්සියුල පාවිච්චිය එක දිගට දවස් 28 ක් කළොත් ශරීරයේ රැලි වැටීම බලා හිටියදීම අඩුවනවා. මේ ක්‍රීම් වර්ගය පාරිභෝගිකයා සිතූ පමණින් මිලදී ගන්නට බැහැ. ඒ සඳහා පසුගිය බදාදා (28) වනවිට 3000 ක පොරොත්තු ලේඛනයක් තිබුණා. මේ ක්‍රීම් වර්ගය එන්නේ මිලිලීටර 30 ඇසුරුම් වශයෙන්. එහි මිල පවුම් 39.99 යි.
මේ ඖෂධය වැඩි දියුණු කරන ඇනා ඩී. නමැති පර්යේෂණ නිලධාරිනිය කියන පරිදි මිනිස් ශරීරය තුළ එහා මෙහා යන භයානක ඔක්සිජන් අංශු තිබෙනවා. ඒවා හඳුන්වන්නේ Free radicals යන නමින්. ශරීරයේ සහ සම තුළ ඇති සෛලවලට පහර දෙමින් ඒවා විනාශ කිරීම තමයි Freeradical සතු ප්‍රධාන කාර්ය භාරය.
Reseveratol වලට කළහැකි වන්නේ රැළි ගැසුනු සම දිගහැර දීම පමණක් නොවෙයි. පිළිකා සෛල මර්ධනය කිරීම වගේම හෘද රෝග සුවපත් කිරීමටත් එයට පුලුවන්. එසේම සූර්ය තාපය නිසා හටගන්නා පිළිස්සුම් පැල්ලම් හෙවත් Sun burns නැති කිරීමටත් එය පුලුවන්.
මේ ක්රීම්වර්ගය සහ කැප්සියුල් වර්ගය පුරා සති 6 ක් තිස්සේ සම රැළි වැටුණු තරුණ තරුණියන් මැදිවියේ අය සහ මහළු අය 250 ක් යොදවාගෙන පරීක්ෂණයට ලක්කළා.
මිනිස් ශරීරය තුළ, වියපත් වීමට අදාල ක්‍රියාකාරකම්, එනම් සම රැළිවැටීම සහ අබල දුබලතාව වළක්වන ස්වභාවික විෂ නාශකයක් තිබෙනවා. මෙය හඳුන්වන්නේ Coengyme 10 ලෙසයි. නව ක්‍රීම්/ කැප්සියුලය එමෙන් විසි ගුණයක් බලගතු බවයි විද්‍යාඥයන් පවසන්නේ. මෙම ඖෂධයේ අණුක බර ඉතා අඩු නිසා විෂ නාශක ක්‍රියාවලියේදී වඩාත් කාර්යක්ෂම බව වාර්තා වනවා.
Reseveratol වලට අමතරව, පිළිස්සුනු හෝ තුවාල වූ සම යථා තත්ත්වයට පත් කරන B6 විටමිනය, සූර්ය පැල්ලම් හා ගැනීම වලක්වන C විටමිනය සහ E විටමිනය මේ ඖෂධය තුළ අඩංගු වනවා.
සංඛනාද වෙදගෙවත්ත