දැන් ඉතින් පළාත් සභා ඡන්දෙට එක් එක් පක්ෂවල කට්ටිය ඡන්ද ඇහිඳින කාලේ වගේම දයාසිරි ජයසේකර ඒජාප යෙන් යන්න ගියාට පස්සේ ඒ තැනට එන්න දැන් කිහිප දෙනෙක් පොඩි පොඩි ට්‍රයි දාන කාලෙනේ.ඔන්න ඉතින් පසුගිය දවසක පුත්තලම පැත්තේ එජාප මැතිවරණ රැස්වීමක් තිබිල තියෙනවා, මේ රැස්වීමට එජාපයේ තරුණ මන්ත්‍රී වරුන් දෙදෙනෙකුත් ගිහින් තියෙනවා. රැස්වීම පටන්ගෙන එක එක්කෙනා කතා පවත්වද්දී අර තරුණ මන්ත්‍රීවරු දෙන්නගෙන් එක්කෙනේක්ටත් කතා කරන්න ලැබිල තියෙනවා ඉතින් මේ මන්ත්‍රීතුමා මයික් එක අරගත්තු වෙලාවේ ඉදන් තමන්ගේ නායකතුමා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්ණනා කරන්න ගත්තලු. මේක බලා ගෙන ඉදපු මේ රැස්වීම සංවිධානය කල ඒ පළාතේ විපක්ෂනායකට ටිකක් තරහ ගිහින් තියෙනවා බැරිම තැන මෙතුමා ඇවිත් කතා කර කර ඉදපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමාට කිවුවලු "ඔය වර්ණනාව දැන් නැවැත්තුව්වොත් හොදයි නේද නැත්නම් මේ ඇවිත් ඉන්න සෙනග ටිකත් යන්න යාවි කියල"
ඔන්න මේකට තරහ ගිය අර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා වේදිකාවෙන් බැහැල තමන්ගේ මෝටර් රථයට නැග්ගලු. ඒ විතරක් නෙවෙයි මේ මන්ත්‍රීතුමා වාහනේ වීදුරුව පත් කරලා එතන හිටපු කෙනෙක්ට කියල තියනවා" අරයට කියන්න කන පලා ගන්නේ නැතුව ඉන්න"කියලා.
මේක ඒ මොහොතේම රැස්විම සංවිධානය කරපු මන්ත්‍රීවරයාට දැන ගන්න ලැබිල එතුමත් කඩාගෙන බිඳගෙන ඇවිත් තියෙනවා ගේමට. මේක දුර තියාම දැකපු වාහනේ ඉදපු මන්ත්‍රිවරයා දඩි බිඩි ගාල එතනින් පිටත් වෙලා තියෙනවා කියල තමයි ආරංචිය.
මේක ඒ මොහොතේම රැස්විම සංවිධානය කරපු මන්ත්‍රීවරයාට දැන ගන්න ලැබිල එතුමත් කඩාගෙන බිඳගෙන ඇවිත් තියෙනවා ගේමට. මේක දුර තියාම දැකපු වාහනේ ඉදපු මන්ත්‍රිවරයා දඩි බිඩි ගාල එතනින් පිටත් වෙලා තියෙනවා කියල තමයි ආරංචිය.