මේ දවස් වල ගොඩක් කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි ඉස්සරහට පවත්වන්න නියමිත පළාත් සභා මැතිවරණය ඉතින් පසුගිය දිනක පාර්ලිමේන්තු පැවතුන වෙලාවේ ඒ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහත්තයාට වුනු සිද්ධියක් තමයි මේ කියන්න හදන්නේ දැන් ඉතින් පාර්ලිමේන්තුවේ රැස්වීම තියෙන දවසට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩු පක්ෂය පැත්තේ වාඩිවෙන්න ඉඩ නැ. මේ නිසා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා වාඩිවෙන්නේ විපක්ෂය පැත්තෙන්, රනිල් වික්‍රමසිංහ මහත්තයට ආසන්නයෙන් ඉතින් පාර්ලිමේන්තුවේ විවේක වෙලාවේදී විපක්ෂ නායක තුමා ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයාගෙන් ටිකක් සද්දෙට අහනව "කොහොමද ශාන්ත මන්ත්‍රීතුමා ඔය නේද ඉස්සරහට වයඹ මහ ඇමති දැන් ඉතින් වැඩ භාරගන්න සුදානම්ද? " කියල.
ඉතින් ඕක අනිත් යටත් ඇහෙන්නම ටිකක් සද්දෙන් විපක්ෂ නායක තුමා ඇහුවේ මොකද කියල කියන්න දෙයක් නැනේ. එත් රනිල් මහත්තය එහෙම කියද්දීම ශාන්ත මන්ත්‍රීතුමා ගත් කටටම අහනවලු "විපක්ෂ නායකතුමා එහෙනම් ඡන්දෙටත් කලින් පරාජය භාරගත්ත නේද" කියල ඔන්න ඉතින් එත කොටම ඕක අහන් ඉදපු වටේම හිටපු අනෙක් මන්ත්‍රීවරු රනිල් මහත්තයට උන්හිටි තැන් අමතකවෙන්න හෝ ගාල හිනා වෙන්න ගත්තලු ඉතින් මෙවෙලාවේ හොදම වැඩේ තවත් එතනට වෙලා ඉන්නේ නැතුව ලිස්සල යන එක කියල හිතපු විපක්ෂ නායකතුමා ශේප් එකේ කාටත් නොදැනෙන්න ලිස්සල ගියාලු.