බොරුපන, වාරිමාර්ග නිවාස පාරේ පිහිටි නිවසක් තුළ දී එහි පදිංචි කාන්තාවක නිරුවතින් කැපුම් තුවාල ලබා සිටියදී මියගොස් තිබේ.
ඊයේ රාත‍්‍රියේ මෙම මරණය සිදුව ඇතැයි සැළකෙන අතර අවන්හලක සේවය කරන ඇයගේ ස්වාමිපුරුෂයා කැපුම් තුවාල ලබා බිමි වැටී සිටි බිරිඳ දැක ඇත්තේ ඊයේ රාත‍්‍රි 10.30ට පමණ ය.
ඔහු සිය බිරිඳ රෝහල්ගත කොට නොමැති අතර සිය බිරිඳ කැපුම් තුවාල සහිතව මියගොස් ඇතැයි අද අලූයම 4ට ගල්කිස්ස පොලීසියට පැමිණිලි කර තිබේ. මියගොස් ඇත්තේ 38 හැවිරිදි මානෙල් ධර්මසිරි නමැති කාන්තාවකි. මරණය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳ පොලිස් පරීක්ෂණ අරඹා තිබේ.
මරණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අත්අඩංගුවට ගෙන නොමැති අතර ඇයගේ ස්වාමිපුරුෂයාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කෙරෙමින් පවතින බව පොලීසිය පවසයි. මෘතදේහය කළුබෝවිල රෝහලේ තබා ඇත.
(මනෝජ් මුතුතන්ත‍්‍රී-මොරටුව)
(මනෝජ් මුතුතන්ත‍්‍රී-මොරටුව)