තමන්ට ඇත්තේ හොඳ පිරිමි කටහඬක් බවත් එක්සත් ජාතික පක්ෂයේ තවත් පිරිමි කටහඬවල් ඕන තරම් ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.
ඒ මහතා කුරුණෑගල පැවති මැතිවරණ ප්රචාරක රැළියකදී මේ අදහස් පල කලේ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් එජාපයේ අවසාන පිරිමි කටහඬ දයාසිරි යයි පසුගියදා කල ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
රාමනායක මහතා එහිදී මෙසේද කීය.
‘දැං මේ මගෙ කටහඬ මොන වගේද ? මගේ කටහඬ දයාවතී වගේද ? රන්ජනී වගේද ?
මම වන්ෂොට්.. මම රන්ජන් රාමනායක.. අපිට තියෙන්නෙ හොඳ පිරිමි කටහඬවල්..
දයාසිරිල දයාවතීල උණාට තව පිරිමි කටහඬවල් එක්සත් ජාතික පක්ෂයෙ තව ඕන තරම් තියෙනව කියල මං කියන්න කැමතියි’