-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ කොටුව දුම්රියපොල අභියස පැවැති උද්ඝෝෂකයින්  ඉදිරිපත් කරන ලද  ලිපියට පැය  විසිහතරක්  තුළ ප්‍රතිළුල ලබා දෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයයේ  නිලධාරීන් ප්‍රකාශ කළත්  මේ වන තුරුත්  ඒ පිළිබඳව පිළිතුරක්  ලබා දී නොමැති බවට එක්සත් ජාතික පක්ෂ  මහ ලේකම් තිස්ස අත්තනායක මහතා කොළඹ දී අද (19) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී  චෝදනා කළේය.
‘වැලිවේරීය රතු පස් වලදී  සිදු වුයේ  සෘජු ලෙසම ජනතා ඝාතනයක් බව අපි යළි යළිත් අවධාරණය කරනවා පසුගිය සැප්තැම්බර් 14 වැනිදා  එක්සත්ජාතික පක්ෂ‍ය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ  දේශපාලන පක්ෂ හා  සිවිල් සංවිධානත් සමගි බලවේගය ලෙස එකට එකතු වී  කොටුව දුම්රිය පොළ  ඉදිරිපිටදී  රතුපස්වල සිද්ධියට විරෝධය දක්වමින්  දැවැන්ත විරෝධතා වැඩසටහනක් කළා.
රතුපස්වල ඝාතනයට  අණ දුන්නේ කවුදැයි  ප්‍රකාශ කරන ලෙස  එහීදී අප ඉල්ලා සිටියා .එම ඝාතනයන්ට වගකිවයුත්තන්ට එරෙහිව  අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලෙසත්  අහිංසක ජනතාව වෙනුවෙන්  විධිමත් සැලැසුම්සහගත ලෙස ජලය සැපයීමේ  දිර්ඝකාලීන  වැඩසටහනක් ආරම්භකරන ලෙසත් අපි එහීදී අවධාරණය කළා.’

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week