-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

විදේශයකින් ගෙනා විශේෂිත විද්‍යුත් උපකරණයක් ඒ.ටී.එම්. යන්ත්‍රවල කාඩ් ඇතුළත් කරන කවුළුවේ සවිකර එමගින් කාඩ්පත්වල දත්තයන් සොරා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් රට පුරා ක්‍රියාත්මක බව හෙළිවී ඇත.  ඒ.ටී.එම්. යන්ත්‍ර ඇති කුටියේ යන්ත්‍රයේ යතුරු පුවරුව ඉලක්ක කරමින් කුඩා කැමරාවක් පවා සවිකරන එම ජාවාරම්කරුවන් දත්තයන් සොරාගැනීමට සමගාමීව රහස් අංක පවා නිරීක්ෂණය කරන බව අනාවරණයවී තිබේ. 
එසේ සොරාගන්නා දත්තයන් යොදා ගනිමින් ව්‍යාජ ලෙස විද්‍යුත් කාඩ්පත් සකස් කරගන්නා ඔවුහු වෙනත් පුද්ගලයන්ගේ ගිණුම්වලින් මුදල් ලබාගැනීම්වල නිරතව සිටිති. ත්‍රිකුණාමලය ආශ්‍රිතව ක්‍රියාත්මකවූ ඒ එක් කණ්ඩායමක සිව්දෙනෙකු ඉකුත් 13 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන සියලු විද්‍යුත් උපකරණද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් අය අතර ජර්මනියේ සිට දින කිහිපයකට පෙර මෙරටට පැමිණි අයෙක්ද සිටී.  යුද සමයේ ජර්මනියට පලාගොස් ඇති ඔහු එම උපකරණ ජර්මනියේ සිටම රැගෙනවිත් ඇතැයි විමර්ශන මගින් අනාවරණය වී තිබේ.සැකකරුවන් තිදෙනා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week