-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අතුරුගිරියේ - සේන පෙරේරා

අපේ අම්මයි තාත්තයි නිතරම රණ්ඩු වෙනවා. දවසක් අම්මා අපිව දාලා ගියා. එදා ඉඳන් අපි තාත්තා ළඟ තමයි හිටියේ. අද උදේ තාත්තා අපිට කිව්වා පොලිසි යන්න ලෑස්ති වෙන්න කියලා. තාත්තා අපිත් එක්ක ඇවිල්ලා අපිව මෙතන තියලා මොනවා හරි අරගෙන එන්නම් කියලා ගියා. තවම ආවේ නෑ."

අට හැවිරිදි වයසේ පසුවන පුංචි ගයනි එසේ පැවැසුවේ ඊයේ (19දා) උදෑසන ඇය හෝමාගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ රැකවරණයට පත්වීමෙන් අනතුරුවය.

ඊයේ උදෑසන 7.00ට පමණ කුඩා දැරියන් දෙදෙනකු හෝමාගම පොලිසිය ඉදිරිපිට රැඳී සිටිනු දුටු පොලිස් නිලධාරීන් එම දරුවන් පොලිසියට රැගෙනවිත් කරන ලද පරීක්‍ෂණයකදී මෙම කරුණු අනාවරණය කරගත හැකිවිය.

පොලිසිය භාරයට පත්වන විට බෙහෙවින් දුර්වලව සිටි දැරියන් දෙදෙනා පොලිස් නිලධාරීන්ගේ සංග්‍රහවලින් පසු යථා තත්ත්වයට පත්වූ අතර තමන්ට සිදුවූ කරදර සියල්ල පොලිස් කාන්තා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පත්මා පෙරේරා මහත්මිය ඉදිරියේ විස්තර කරන්නට වූහ.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දැරිය පිටිපන ප්‍රදේශයේ පාසලක 03 වැනි ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන අතර ඇයගේ නැඟණිය වූ නවංජනා (අවුරුදු 05) පෙර පාසල් වයසේ පසුවන්නියකි.

සිය පියා විසින් ඊයේ උදෑසන මෙම දරුවන් හෝමාගම පොලිස් ස්ථානය ඉදිරිපිට තනිකර දමා ගොස් ඇත.
දැනට මාසයකට පමණ පෙර මව දරුවන් හැර දමා ගොස් ඇති අතර ඇය මේ වන විට කුරුණෑගල ප්‍රදේශයේ ජීවත්වන බවට කරුණු හෙළි කරගෙන ඇත. එදා සිට දරුවන් රැකබලාගෙන ඇත්තේ පියා විසිනි. ඔහු කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක රැකියාව කරන්නකු බවද දැරිය පවසා ඇත.

මේ වනවිට දැරියන් දෙදෙනා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය භාරයේ පසුවන අතර දරුවන් උසාවියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම මවුපියන්ට විරුද්ධව ළමා හිංසනය, කෘෘරත්වය යන චෝදනා යටතේ නඩු පවරන බවත් පොලිසිය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week