-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දැරණියගල නූරිය වතු අධිකාරි   එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් 21 දෙනා  ලබන දෙවැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්  ඩී.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා අද (79) නියෝග කළේය.
නැවත රිමාන්ඩ් කළ සැකකරුවන් බන්ධනාගාර රියට ගෙන යන අවස්ථාවේදී එය ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ට මෙම සිද්ධීයේ සැකකරුවකු වන අමිල විජේසිංහ   පරුෂ වචනයෙන් බැන වැදුනේය.
මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ  14 වැනි සැකකරු වන සිදම්බරන් පලනිඅණ්ඩි  රහස්‍ය ප්‍රකාශයක් කිරීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර   එසේ කිරීමෙන්  සැකකරුට විශේෂ සහනයක් සැලකිල්ලක් නොලැඛෙන බවත්, එසේ කරන ප්‍රකාශය ඉහළ අධිකරණයකදී සැකකරුට විරුද්ධව සාක්කියක් ලෙස ගත හැකි බවත් පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව කල්පනා කර බලා මෙම මස 26 වැනිදා එම ප්‍රකාශය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය. එතෙක් එම සැකකරු අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස කුරවිට බන්ධණාගාරයේ  අධිකාරිවරයාට නියෝග කළේය.
පැමිනිණිල්ල මෙහෙයවන ලද රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්.එම් පොල්වත්ත මහතා  අපරාධ ස්ථානයේ තිබී රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලද කැබ් රථ දෙකෙහි තිබී සොයා ගන්නා ලද ජෛව කොටස් විශ්ලේෂණය සදහා ජින්ටෙක් ආයතනයට බාරදී ඇති බව අධිකරණයට දැන්වීය.
 එමෙන්ම මෙම සිද්ධියේ වගකීම බාර ගැනීම සදහා රුපියල් ලක්ෂ 15 ක් ලබා දෙන බවට 11 වැනි සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week