ෆොන්ටෙරා සමාගමට එරෙහිව අධිකරණ නියෝගක් තිබීයදී එම සමාගම විසින් මහජනතාව නොමග යවන සුළු අත් පත්‍රිකා බෙදා හැරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුකැර ඇති බැවින් ඒ පිළිබඳව අධිකරණයට අපහාස නඩුවක් ඉතා ඉක්මනින්ම පනවන බව නීතීඥ උපුල් ජයසුරිය මහතා අධිකරණයට දැනුම් දුන්නේය.
උපුල් ජයසුරිය මහතා මෙසේ දැනුම් දුන්නේ ගෘහ නිර්මාණ ශිල්පියකු ෆොන්ටෙරා සමාගමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම කැඳවු අවස්ථාවේදීය.