පසුගිය වසරේ යතුරුපැදියකට ආදායම් බලපත්‍රය ගැනීමට ගෙවිය යුතු වූයේ රුපියල් 450 කි. පියසේන රුපියල් 500 ක්‌ද සොයාගෙන මේ වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අදාළ ලියවිලි සමග රුපියල් 450 ක් මුදල් බඳින කවුළුවට දුන්නේය.
හාරසිය පනහ ගත්තේ ගිය අවුරුද්දේ දැන් රුපියල් 700 යි. තව රුපියල් 250 ක් දෙන්න කවුළුව බාරව සිටි කාන්තාව කීවාය.
පියසේන ළඟ ඉතිරිව ඇත්තේ රුපියල් 50 ක් පමණි 700 ක් ගෙවන්නට මුදල් නැත.
එහෙනං ඉතින් ගෙදර ගිහින් මුදල් හොයාගෙන එන්නම්. මේවා ඉතින් දෙවියන්ට මිස කාට කියන්නද පියසේන ආපසු හැරී බයිසිකලය ගෙන පාරට බැස්‌සේය.
ප්‍රධාන පාරේ ටික දුරක් එනවිට රථවාහන පොලිසිය පියසේන නැවැත්වීය.
ගන්න ලයිසන් ඉන්ෂුවරන්ස් පොලිසියේ විධානය විය.
ඒ වනවිට අලුත් වසරට ගෙන තිබූ ඉන්ෂුවරන්ස් සහතිකය ද දුම්වාර්තාවද පසුගිය වසරේ ආදායම් බලපත්‍රයද පොලිසියට පෙන්වීය.
කෝ.....මේ ආදායම් බලපත්‍රය දින 6 ක් කල් පහුවෙලා නෙ.
ඒක ගන්න තමයි ගියේ මුදල් මදි. මුදල් ගේන්න ගෙදර යනවා.
එහෙම කියල බැහැනෙ. බලපත්‍රය නැතුව පාරේ දුවන්න බෑ. කෝ ලයිසන් එක දෙන්න. රුපියල් 1000 කට දඩ කොළයක් දෙනවා. ඒක ගෙවල ලයිසන් එක ගෙනින්න.
පියසේන ගේ යතුරුපැදි පැදවීමේ ලයිසන් එක පොලිසිය ගෙන දඩ කොළයක් පියසේනට දුන්නේය.
වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට ගොස් සිදුවූ වියදම් පියසේන ගණන් බැලීය.
තුන්වන පංතියේ රක්‌ෂණ
සහතිකයට රුපියල් 578.00
දුම්බට වාර්තාවට 450.00
ආදායම් බලපත්‍රය 700.00
පොලිසියේ දඩ කොළයට 1000.00
2728.00
ගිය අවුරුදුවල ඔක්‌කෝම වැඩ රුපියල් 500 න් කරගත්තා. දැන් ආදායම් බලපත්‍රයට 700 යි. රක්‌ෂණයට 578 යි. දුම් බටේට 450 යි. මේවා ඉතින් දෙයියන්ටම පෙනිච්චාවේ යෑයි කියමින් පියසේන ගෙදර ගොස් තවත් රුපියල් 1500 ක් රැගෙන බලපත්‍රය ගන්නට ගියේය. අහිංසක දරුවන්ට කන්න දෙන්න තිබූ මුදල් නොවේදැයි සිතුනි.