-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න 51 කණුව ප්‍රදේශයේ දී ඊයේ (08 වැනිදා) දහවල් 12.30 ට පමණ සිදුවූ මාරක රිය අනතුරකින් එකකුස උපන් සොහොයුරකු සහ සොහොයුරියක මිය ගොස්‌ තවත් තිදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙම අනතුරින් මිය ගිය දුලිප් ගුණසේකර මහතාගේ පියාට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා මාතර සිට කොළඹ බලා එමින් සිටියදී ඔවුන් පැමිණි මෝටර් රථය පෙරළී යැමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් මරුමුවට පත්වී ඇතතේ මාතර නාධුගල දුලිප් ගුණසේකර (48) සහ ඔහුගේ නැගණිය වූ නදීකා ගුණසේකර (28) නමැති තරුණියකි.

මෙහිදී තුවාල ලැබූ ඩබ්ලිව් ඩී. ජගත් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මාතර සිට අධික වේගයෙන් පැමිණ ඇති මෝටර් රථය පාලනය කර ගත නොහැකිව අධිවේගී මාර්ගයේ වැටේ හැපී පෙරළී ගොස්‌ ඇත.

පසුව එහි පැමිණි අධිවේගී මාර්ගයේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ තුවාල ලැබූවන් නාගොඩ රෝහලට ගෙනයැමට කටයුතු කර තිබේ.

රෝහලට ඇතුළත් කරන විටත් නදීකා සහ දුලිප් දෙදෙනා මියගොස්‌ සිටි බව රෝහල් ආරංචි මාර්ග කියා සිටියේය.

කළුතර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස්‌ මත වැලිපැන්න පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week