-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

උසස්‌ පෙළ විභාගයේ ඊයේ (08 වැනිදා) පැවැති ව්‍යාපාර අධ්‍යයනය I ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයක්‌ ළඟ තබාගෙන පිළිතුරු ලියමින් සිටි පෞද්ගලික අපේක්‍ෂකයකු කොළඹ ආනන්ද බාලිකා විභාග මධ්‍යස්‌ථානයේදී ශාලාධිපතිවරයාගේ අතටම හසුවී තිබේ.

මෙම අපේක්‍ෂකයා සතුව ජංගම දුරකථනයක්‌ ඇති බව දැන ගැනීමට හැකිවී ඇත්තේ එම ජංගම දුරකථනයට ලැබී ඇති එස්‌.එම්.එස්‌. පණිවුඩ ශබ්දය නිසාය.

විභාග ශාලාවට ඇතුළු වන පෞද්ගලික අපේක්‍ෂකයන් පරීක්‍ෂාවට ලක්‌ කරනු ලැබ ඇති අතර මෙම අපේක්‍ෂකයා පැමිණ ඇත්තේ මඳ වේලාවක්‌ ප්‍රමාදවය. එහෙයින් පරීක්‍ෂාවක්‌ නොමැතිව ඔහු විභාග ශාලාවට ඇතුළු කිරීමට කාර්ය මණ්‌ඩලය කටයුතු කර ඇත්තේ ඔහුගේ කාලය පිළිබඳ සැලකිලිමත් වෙමිනි. ජංගම දුරකථනය රැගෙන යැමට අවශ්‍ය හෙයින් හිතාමතාම ඔහු ප්‍රමාද වී පැමිණෙන්නට ඇතැයි සැක කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ඡේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

ජංගම දුරකථනය දෙපාර්තමේන්තුව භාරයට ගත් බවද ඉදිරියේදී විමර්ශනයක්‌ පවත්වා ඔහුගේ ප්‍රතිඵල නතර කර විභාග පනත අනුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කීවේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week