-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ.   ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් කෘත‍්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.
මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව ෙසෙල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි.  එක් ෙසෙල නියැදියකින් මස් ටොන් 20000ක් පමණ වගා කළ හැකි බව ඔහුගේ අදහසයි.
ගූගල් ආයතනයේ සම නිර්මාතෘ හා වත්මන් ප‍්‍රධාන විධායක නිලධාරියා වන සර්ජි බි‍්‍රන් මෙම ව්‍යාපෘතිය සඳහා මුදල් ආයෝජනය කර ඇති අතර අවුන්ස 5ක බර්ගරය සඳහා වැයවූ මුදල ඩොලර් 332000ක් පමණ වන බව පැවසේ.
ෆෝබ්ස් ආයතනය පවසන ආකාරයට සර්ජි බි‍්‍රන් සතු වත්කම් ඩොලර් බිලියන 22.8ක් වන අතර ඔහු ස්වයංක‍්‍රීය මෝටර් රථ සහ පුද්ගලික අභ්‍යවකාශ යානා ආදී ව්‍යාපෘති සඳහා මුදල් ආයෝජනය කරන්නෙකු ලෙස සැලකේ.
මෙලෙස මාංශ ආහාර නිෂ්පාදනය අනවශ්‍ය යයි සිතිය හැකි වුවත් දැනට මාංශ නිෂ්පාදනය සිදුකරන ඇකාරය පරිසර හිතකාමී හෝ සත්ව හිතකාමී නොවන බව මාක් පෝස්ට් පවසා ඇත.
සත්ව පාලනය ලෝකයේ හරිතාගාර වායු විමෝචනයෙන් 18% සඳහා වගකියන අතර අයිස් රහිත භූමි ප‍්‍රමාණයෙන් 30%ක් භාවිතා කරන බව පැවසේ.  මේ අතර ඉදිරි වසර 40 තුළ ලෝක ජනගහනය බිලියන 2.5කින් වර්ධනය වනු ඇති අතර ඒ සඳහා ධාන්‍ය නිෂ්පාදනය දෙගුණ කිරීමට සිදුවනු ඇතැයි මිනෙසොටා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් අනතුරු හගවා ඇත.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවක දක්වා ඇත්තේ ඉදිරි දස වසර තුළ ආහාර මිල 10%-40%ත් අතර ප‍්‍රමාණයකින් වර්ධනය වීමට නියමිත බවයි.
ඉහළ පෝෂණයක් අත්පත් කරගැනීම සඳහා කෘමීන්, තණකොළපෙත්තන්, පණුවන් සහ මැස්සන් ආහාරයට ගැනීමට පුරුදු වන ලෙස එම වාර්තාව විසින් යෝජනා කර ඇති අතර මේ වන විටත් ආසියාවේ අප‍්‍රිකාවේ හා ලතින් ඇමරිකානු රටවල මේවා ආහාරයට ගන්නා බවද දක්වා තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week