-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යම් කිසිවකු Gmail පාරිභෝගිකයකු වෙත යවන විද්‍යුත් තැපැල් ලිපියක් පුද්ගලිකව පවතී යයි බලාපොරොත්තු වීමට නීතිමය අයිතියක් නොමැති බව ගූගල් ආයතනය පවසා තිබේ.
ඔවුන් මේ අදහස් දක්වා ඇත්තේ කන්සියුමර් වොච්ඩෝග් ආයතනය විසින් ගූගල් ආයතනයට එරෙහිව ෆෙඩරල් අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් නිෂ්ප‍්‍රභා කරන ලෙස ඉදිරිපත් කරනු ලැබූ මෝසමක් මගිනි.
ගූගල් ආයතනය විසින් ඉලක්ක සහගත වෙළඳ ප‍්‍රචාරණ ක‍්‍රියාවලියක් සඳහා පාරිභෝගිකයන්ගේ පුද්ගලික ඊ මේල් පිරික්සන බව පැමිණිලිකාර පාර්ශ්වයේ චෝදනාව වී තිබේ.
ලබාගන්නේ කුමන තොරතුරුද යන්න හෙළිදරව් කිරීමත් පුද්ගලිකත්වයට හානි කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමත් ඔවුන් සිය පෙත්සම මගින් ඉල්ලා ඇත.
මෙයට පිළිතුරු ලෙස ගූගල් දක්වා ඇත්තේ තෙවන පාර්ශ්වයක් හරහා සන්නිවේදනය කරන බව දන්නේ නම් එම පාර්ශ්වය ඔබේ තොරතුරු පිරික්සන්නේ නොමැති බවට බලාපොරොත්තු විය නොහැකි බවයි.
එහිදී පාරිභෝගිකයා සිය පුද්ගලික තොරතුරු තෙවන පාර්ශ්වය වෙත අනාවරණය කරන්නේ සිය කැමැත්තෙන්ම බව 1979දී දුරකථන සන්නිවේදනය පිළිබඳ විභාගවූ නඩුවක් උපුටමින් ඔවුන් පවසා ඇත.
එසේ පිරික්සීම තහනම් කරන්නේ නම් වෛරස සහ හානිකර ඊ මේල් පණිවුඩ පෙරහන් කිරීමේ සේවාවන් පවා අත්හිටුවීමට සිදුවනු ඇතැයි එම ආයතනය පවසයි.
ගූගල් සමාගම ජාතික ආරක්ෂක ඒජන්සිය ක‍්‍රියාත්මක කළ ප‍්‍රිස්ම් චරපුරුෂ වැඩසටහනේද ඉහළ අනුග‍්‍රහකයෙකු ලෙස ද ගාඩියන් පුවත්පත විසින් පසුගියදා චෝදනා පවරනු ලැබිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week