භෝජනාගාරයේ අලෙවිය සඳහා තිබූ රෝල්ස් එකක් කෑමට ගත් රෝහල් වැඩ පාලකවරියකට එහි තිබී මිනිස් දතක් හමුවී තිබේ.
කුලියාපිටිය රෝහලේ භෝජනාගාරයේ අලෙවිය සදහා තුබූ රෝල්ස් එක ආහාරයට ගනිද්දී ඉතා තදින් යමක් සැපීම නිසා එය පරික්ෂා කිරීමේදී මෙම දත හමුවී ඇත.
මේ පිළිබදව රෝහල් සේවකයන්ගේ අත්සනින් යුත් ලිපියක් රෝහල් අධ්‍යක්ෂක අරඹෙවෙල මහතාට බාර දී ඇති අතර ඒ පිළිබදව පරීක්ෂණයක් අරඹන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.