මෙම මස 10හා 13 යන දිනයන්හිදී ශ‍්‍රී ලංකාවට ඉහලින් අහසේ ‘පර්සීඩ්’ උල්කාපාත වර්ෂාව උපරිම තීව‍්‍රතාවයෙන් දර්ශනය වන්නේ යයි ග‍්‍රහලෝකාගාරය පවසයි.
ඒ අනුව අගෝස්තු 10 වනදා වනවිට පැයකට උල්කාපාත 15ක් පමණ ද අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන් ද දර්ශනය වන බවත් ඔවුන් සඳහන් කරයි.
ඉහත දිනයන්හිදී වළාකුළුවලින් තොර පැහැදිළි අහසක් පැවතියහොත් මධ්‍යම රාත‍්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකි බවද ග‍්‍රහලෝකාගාරය කියා සිටී.