-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පෘථිවියට අනතුරුදායක විය හැකි ඇස්ටරොයිඩ 1400ක පමණ ගමන් පථයන් අඩංගු අභ්‍යවකාශ සිතියමක් නාසා ආයතනය විසින් එළි දක්වා තිබේ.  ඒ සඳහා ඇමරිකානු පාපන්දු පිටියකට වඩා විශාල ප‍්‍රමාණයේ එනම් මීටර 140කට වැඩි දිගක් සහිත සහ පෘථිවි කක්ෂයට කිලෝමීටර මිලියන 7.5ක් මෙපිටින් ගමන් ගන්නා ග‍්‍රහකයන් සැලකූ බව නාසා බලධාරීන් පවසයි.
නාසා ආයතනයේ පෘථිවි ආසන්න වස්තූන් වැඩසටහන මගින් මෙම සිතියම සකස් කර ඇති අතර ඊට අනුව ඉදිරි ශතවර්ෂය තුළ විශාල ප‍්‍රමාණයේ ඇස්ටරොයිඩයක් පෘථිවිය හා නොගැටෙන බව තහවුරු කර ඇත.
තියුණු අවදානමක් රහිත වුවද ඇස්ටරොයිඩවල ගමන් පථයන් නිරීක්ෂණය කිරීම මගින් එහි කක්ෂයන් වල සිදුවන වෙනස්කම් යළි සලකා බලමින් පෘථිවියට ආසන්න වීම් සහ ගැටීඹට ඇති අවදානම් තත්වයන් පිළිබඳ නිරවද්‍ය පුරෝකථනයන් කළ හැකි බව වාර්තා වේ.
මේ වසරේ මාරතු මසදී අඩි 460ක් විශාල 2013ET ග‍්‍රහකය සඳට ඇති දුර මෙන් 2.5ගුණයක් ඈතින් පෘථිවිය පසු කළ අතර පෙබරවාරි 15දා බොහොමයක් කෘත‍්‍රිම චන්ද්‍රිකාවන්ටත් මෙපිටින් සැතපුම් 17500ක් දුරින් ඇදී ගිය DA14 නම් ඇස්ටරොයිඩයේ විශාලත්වය අඩි 150ක් ලෙස ගණන් බලා තිබිනි.
සියලූ විද්‍යාඥයින් ඒ දෙස විමසිල්ලෙන් සිටින විටදී පෘථිවි වායුගෝලයට ඇතුළු වූ අඩි 60ක් විශාල ග‍්‍රහකයක් රුසියාවේ චෙල්යාබින්ස්ක් අහසේදී පුපුරා ගිය අතර ඉන් 1500 දෙනෙක් පමණ තුවාල ලැබීය.
එහි ප‍්‍රමාණය නාසා ආයතනය අවදානම් ලෙස සලකන පරාසය තුළ නොවන අතර එවැනි අනාවරණය කර නොගත් ඇස්ටරොයිඩයන් බොහොමයක් අභ්‍යවකාශයේ සැරිසරන බව සැලකේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week