-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට  ආණ්ඩුව පියවර ගනිමින්  සිටින බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල  තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය.

බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකිරීම පිණිස 1961 අංක 29 දරණ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ  දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකු කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා  මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුවේ  ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම වසර ගණනාවක් තිස්සේ  ජාත්‍යන්තර අරමුද‍ලේ සහ ලෝක බැංකුවේ  නිරීක්ෂණවලින් පෙන්වා දුන් කරුණකි.

මෙම ගැටලුව ජයගත හැක්කේ   එක්කෝ  නව ප්‍රාග් ධන  ආයෝජන ලබා ගැනීම පිණිස   බැංකුවේ කොටස් යම් නියමිත  ප්‍රමාණයක් කොටස් වෙළෙඳ ‍පොළේ අලෙවිය  සඳහා නිකුත් කිරීමෙන් හෝ නැතහොත් ආණ්ඩුවෙන් මුදල් යොදවා එහි ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමෙන් පමණකි.

ප්‍රාග්ධන පදනමේ දුර්වලත්වය නිසා මහජන බැංකුව  පෞද්ගලීකරණය කළ යුතු බව ලෝක බැංකුව කියා සිටින්නේ  90 දසකයේ අග භාගයේ සිටය.

මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම  පැහැර  හැර ඇත්තේ දේශපාලන  හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week