-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කළුවැඳිරියන් රංචුවක සිටි කළු වඳුරකු උගුලක් අටවා රැගෙන ගිය බව කියන නගර සභා සේවකයකු ඇතුළු දෙදෙනකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව වැලිගම මූලස්ථාන පොලිසිය පවසයි.

වඳුරා රැගෙන යෑමේ සිද්ධියත් සමග කළු වැඳිරියන් ප‍්‍රදේශවාසීන්ට හිරිහැර කිරීමට පටන් ගැනීමත් සමග එම ප‍්‍රදේශයේ ජන ජීවිතය අඩාල වී ඇත. දැනට දින තුනකට ඉහතදී උපකාරක පන්තියකට යමින් සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක් ද කළු වැදිරියන්ගේ ප‍්‍රහාරයට ලක්ව මාතර මහ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටියාය. ඇයගේ තුවාල වලට මැහුම් 39ක් යොදා තිබෙන බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

වල්ලිවල පාරේ ගමන් කළ ත‍්‍රිරෝද රථ 18කට පමණ කළු වැඳිරියන් හානි සිදුකර තිබෙන බව කියති. ඒ සම්බන්ධයෙන් පැමිණිලි හයක් පොලිසියට ලැබී ඇතැයි වැලිගම මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය. ඇතැම් ත‍්‍රිරෝද රථ රියැදුරන් කළු වැඳිරියන් පැමිණෙන විට බියට පත්ව අනතුරුවලට ලක්ව තුවාල ලැබීමේ සිද්ධීන් ද වාර්තා වේ.

මේ පිළිබඳව පොලිසිය බුද්ධි අංශ නිලධාරීන් යොදා තොරතුරු රැුස් කිරීමේදී හෙළි වී ඇත්තේ රතුපාට ති‍්‍රරෝද රථයකින් පැමිණ සැකකරුවන් දෙදෙනකු දැලක් අටවා කළු වැඳිරියන් රංචුවේ සිටි කළු වඳුරෙකු රැගෙන ගොස් ඇති බවයි.

එම කළු වඳුරාට සිදුවූයේ කුමක් ද යන්න මේ වන තෙක් හෙලි වී නොමැත. මරා මස් කන්නට ඇතිද යන්න සොයා බලන බව පොලිසිය කියයි. ඉන් අනතුරුව කළු වැඳිරියන් මේ අයුරින් ජනතාවට හා ත‍්‍රිරෝද රථවලට හිරිහැර කිරීමට පටන් ගෙන තිබේ.

ප‍්‍රදේශය භීතියට පත්කර තිබෙන කළු වැදිරියන් රංචුව වෙඩි තබා පලවා හැරීමටද නොහැකි වී ඇත්තේ උන් සංරක්‍ෂිත සත්වයන් වන නිසාය.

පරිසරවේදීන් පවසන්නේ කළු වැඳිරියන් රංචුවකට සාමාන්‍යයෙන් සිටින්නේ එක් කළු වඳුරකු පමණක් බවයි. කළු වඳුරා දුර්ලභ ගණයේ සත්වයෙකු වන අතර බෝවීමේ ප‍්‍රවණතාව ද ඉතා අඩු බව සත්ව වේදීහු පෙන්වා දෙති.
ප‍්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සඳහා කළු වැඳිරියන් අල්ලා රැගෙන යන ලෙසට පොලිසිය වන ජීවි නිලධාරින්ට දැනුම් දී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week